Saturday, November 2, 2013

බඩඉරිගු කොත්තුව....

බඩඉරිගු කොත්තුව හදන්නෙත් කොස් කොත්තුව හදන විදියටම තමයි... හරි පහසුයි, රසයි..  එ වගෙම ගුණයි.....

අවශ්‍ය ද්‍රව්‍ය...

ළපටි බඩඉරිගු කිලෝ 1 ක් ( තම්බා ගන්න.)
අමු හෝ වේලුණු ඉස්සන් ග්‍රෑම් 100 ක්
සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 50 ක්
සිහින්ව කපාගත් ලීක්ස් ග්‍රෑම් 50 ක්
සිහින්ව කපාගත් ගෝවා ග්‍රෑම් 50 ක්
මිරිස් කෑලි තේහැදි 1 ක්
කහ ටිකක්
අමු මිරිස් කරල් 3ක්
තක්කාලි ග්‍රෑම් 50 ක් ( කුඩාවට කපන්න )
සුදුලූනු තේ හැදි 1 ක්
අමු ඉගුරු තේ හැදි 2/1 ක්
ලියාගත් කරපිංචා මේස හැදි 1ක්
කුඩාවට කපාගත් ලූනූ ග්‍රෑම් 100 ක්
කිරි හොදි අඩු කෝප්ප 1ක්
නැතිනම් මස් හොදි අඩු කෝප්ප 1ක්
තෙල් මේස හැදි 2 ක්

සාදන ක්‍රමය...

තාච්චියක් ළිප තබා එයට තෙල් දමා රත් කරන්න. එයට ලියාගත් ලුනු, සුදුලූනු, අමු ඉගුරු, කරපිංචා දමා බැදෙන්න හරින්න.. ඉන්පසු ලියාගත් අමුමිරිස්,කහ දමා සිහින්ව ලියාගත් කැරට්, ලීක්ස්, ගෝවා, කෑලි මිරිස් දමා තරමක් බැදෙන විට එයට බඩඉරිගු දමා එයට හොද්ද දමා ගසන්න.... 

එච්චරයි...  හරි ලේසී.....   

කොහිල අල වලින් කොහිල කොත්තුවක් හදල බලමු...

අවශ්‍ය ද්‍රව්‍ය...

කරවල හෝ ජාඩි මේස හැදි 1ක්
කොහිල අල ( සිහින්ව ගිනිකූරු හැඩයට කපන්න) ග්‍රෑම් 800ක්
කොහිල දලු කුඩාවට කපාගත් ග්‍රෑම් 200ක්
සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 50ක්
සිහින්ව කපාගත් ලීක්ස්
ගෝවා ග්‍රෑම් 50ක්
බිත්තර 2 ක්
අමු මිරිස් කරල් 3 ක්
තක්කාලි ග්‍රෑම් 50 ක් ( කුඩාවට කපන්න )
සුදුලූනු තේ හැදි 1 ක්
අමු ඉගුරු තේ හැදි 2/1 ක්
ලියාගත් කරපිංචා මේස හැදි 1 ක්
කුඩාවට කපාගත් ලූනු ග්‍රෑම් 100 ක්
කිරිහොදි අඩු කෝප්ප 1 ක්
( නැතිනම් මස් හොදි )
තෙල් මේස හැදි 2 ක්

සාදන ආකාරය...

කොහිල අල දෙහි යුෂ දමා සෝදන්න. වොක් එකක් ළිප තබා එය රත්වන විට ලුනු, සුදුලූනු, අමු ඉගුරු, ලියාගත් කරපිංචා, අමු මිරිස් දමා බැදෙන විට කරවල හෝ ජාඩි දමා, කෑලි මිරිස් දමා කැරට් සමග අනෙක් එළවළු දමා කුඩාවට කපාගත් තක්කාලි දමා බිත්තර, මස් හොදි,ලූණු, කිරි හොදි දමා ගසන්න.. හරිද...?   පැහැදිලී නේද...?

ඔන්න ඔහොමයි කොහිල කොත්තුව හදන්නෙ....

නවීන ක්‍රමයට කෝස් කොත්තුව......

අවශ්‍ය ද්‍රව්‍ය...
ඇට ඉවත් කළ හොදට පැසුණු කොස් මදුලු කිලෝ 1 ක් ( සිහින්ව තීරු වලට කපන්න.)
සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 50ක්
සිහින්ව කපාගත් ලීක්ස් ග්‍රෑම් 50ක්
සිහින්ව කපාගත් ගෝවා ග්‍රෑම් 50ක්
බිත්තර 2ක්
මිරිස් කෑලි තේ හැදි 1ක්
අමු මිරිස් කරල් 3ක්
තක්කාලි ග්‍රෑම් 50ක් ( කුඩාවට කපන්න.)
සුදුලුනු තේ හැදි 1ක්
අමු ඉගුරු තේහැදි 2/1 ක්
ලියාගත් කරපිංචා මේස හැදි 1ක්
කුඩාවට කපාගත් ලූනු ග්‍රෑම් 100ක්
කිරි හොදි අඩු කෝප්ප 1ක්
නැතිනම් මස් හොදි අඩු කෝප්ප 1ක්
තෙල් මේස හැදි 2ක්

සාදන ක්‍රමය...

මෙහෙමයි...මුලින්ම කොස් සිහින් තීරු වලට කපන්න. වතුර බදුනක් ළිප තබා උතුරන විට කහ සහ ලුණු දමා එම වතුරට කපාගත් කොස් දමා වසා විනාඩියක් තම්බන්න.. ඉන්පසු වතුර පෙරන්න. තාච්චියක් හරි වොක් එකක් ගන්න. එයට තෙල් මේස හැදි 2ක් දමන්න. එය රත්වන විට ලූනු, කරපිංචා, සුදුලුනු, අමුඉගුරු, අමු මිරිස්, කැරට්, ලීක්ස්, ගෝවා දමා කෑලි මිරිස් එකතු කර තක්කාලි, ලුණු දමා තරමක් බැදෙන විට කඩාගත් බිත්තර එකතු කර කොස් දමා හොදි දමා ගසන්න....  කොත්තු ගහනව දැකල තියනව නෙ ඔයාලා....? 

ඔන්න ඔහොමයි කොස් කොත්තුව හදන්නෙ.....

තුර්කි බත හදල තියනවද ඔයලා....

 අවශ්‍ය ද්‍රව්‍ය...

සම්බා සහල් කිලෝ  1g ක්
එළු මස් කිලෝ ග්‍රෑම් 1 ක්
බේකන් ග්‍රෑම් 200 ක්
ලොකු ලූනු ගෙඩි 3ක්
ගම්මිරිස් ඇට මේස හැදි 1ක්
සුදුලූනු බික් 3ක්
ස්ටොක් වතුර
අවශ්‍ය තරම් තෙල්
ලුණු රස අනුව

සාදන ක්‍රමය...

මුලින්ම සහල් සෝදා දිය බේරෙන්නට හරින්න. මස් සෝදා තරමක කෑලි වලට කපාගන්න. ලුනු, සුදුලුනු සිහින්ව කපාගන්න. ගම්මිරිස් ඇට යන්තමට තලා ගන්න..  ඉන්පසු තාච්චියක් ළිප තබා රත්කර බේකන් කැබලි දමා බැදගන්න. එය පසෙකින් තබන්න. දැන් තෙල් ටිකක් දමා රත්කර  එයට මස් ටික දමා බැදගන්න..  ඒ ලෙසම ලුනු, සුදුලුනු ද බැද පසෙකින් තබන්න.. දැන් සහල්ද ඒ අකාරයටම බැදගන්න...  පැහැදිලී නේද? ඉන් පසු භාජනයක් ගෙන එයට මස්, බේකන්,ලුනු, සුදුලුනු දමන්න.. දැන් බැදගත් සහල්ද දමන්න.. තලාගත් ගම්මිරිස් ඇට ටිකද විසුරුවා හරින්න.. ස්ටොක් වතුර ටික රත්කර මේ මතට වත්කොට ලූණු ද එකතු කර හොදින් වසා ඇට මෘදු වනතුරු පිසගන්න... දැන් මේසෙට අරින්න කෑමට....