අවශ්‍ය ද්‍රව්‍ය...
ළපටි බඩඉරිගු කිලෝ 1 ක් ( තම්බා ගන්න.)
අමු හෝ වේලුණු ඉස්සන් ග්‍රෑම් 100 ක්
සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 50 ක්
සිහින්ව කපාගත් ලීක්ස් ග්‍රෑම් 50 ක්
සිහින්ව කපාගත් ගෝවා ග්‍රෑම් 50 ක්
මිරිස් කෑලි තේහැදි 1 ක්
කහ ටිකක්
අමු මිරිස් කරල් 3ක්තක්කාලි ග්‍රෑම් 50 ක් ( කුඩාවට කපන්න )
සුදුලූනු තේ හැදි 1 ක්
අමු ඉගුරු තේ හැදි 2/1 ක්
ලියාගත් කරපිංචා මේස හැදි 1ක්
කුඩාවට කපාගත් ලූනූ ග්‍රෑම් 100 ක්
කිරි හොදි අඩු කෝප්ප 1ක්
නැතිනම් මස් හොදි අඩු කෝප්ප 1ක්
තෙල් මේස හැදි 2 ක්
සාදන ක්‍රමය...
තාච්චියක් ළිප තබා එයට තෙල් දමා රත් කරන්න. එයට ලියාගත් ලුනු, සුදුලූනු, අමු ඉගුරු, කරපිංචා දමා බැදෙන්න හරින්න.. ඉන්පසු ලියාගත් අමුමිරිස්,කහ දමා සිහින්ව ලියාගත් කැරට්, ලීක්ස්, ගෝවා, කෑලි මිරිස් දමා තරමක් බැදෙන විට එයට බඩඉරිගු දමා එයට හොද්ද දමා ගසන්න....
එච්චරයි... හරි ලේසී.....



