Saturday, November 2, 2013

බඩඉරිගු කොත්තුව....

බඩඉරිගු කොත්තුව හදන්නෙත් කොස් කොත්තුව හදන විදියටම තමයි... හරි පහසුයි, රසයි..  එ වගෙම ගුණයි.....

අවශ්‍ය ද්‍රව්‍ය...

ළපටි බඩඉරිගු කිලෝ 1 ක් ( තම්බා ගන්න.)
අමු හෝ වේලුණු ඉස්සන් ග්‍රෑම් 100 ක්
සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 50 ක්
සිහින්ව කපාගත් ලීක්ස් ග්‍රෑම් 50 ක්
සිහින්ව කපාගත් ගෝවා ග්‍රෑම් 50 ක්
මිරිස් කෑලි තේහැදි 1 ක්
කහ ටිකක්
අමු මිරිස් කරල් 3ක්
තක්කාලි ග්‍රෑම් 50 ක් ( කුඩාවට කපන්න )
සුදුලූනු තේ හැදි 1 ක්
අමු ඉගුරු තේ හැදි 2/1 ක්
ලියාගත් කරපිංචා මේස හැදි 1ක්
කුඩාවට කපාගත් ලූනූ ග්‍රෑම් 100 ක්
කිරි හොදි අඩු කෝප්ප 1ක්
නැතිනම් මස් හොදි අඩු කෝප්ප 1ක්
තෙල් මේස හැදි 2 ක්

සාදන ක්‍රමය...

තාච්චියක් ළිප තබා එයට තෙල් දමා රත් කරන්න. එයට ලියාගත් ලුනු, සුදුලූනු, අමු ඉගුරු, කරපිංචා දමා බැදෙන්න හරින්න.. ඉන්පසු ලියාගත් අමුමිරිස්,කහ දමා සිහින්ව ලියාගත් කැරට්, ලීක්ස්, ගෝවා, කෑලි මිරිස් දමා තරමක් බැදෙන විට එයට බඩඉරිගු දමා එයට හොද්ද දමා ගසන්න.... 

එච්චරයි...  හරි ලේසී.....   

කොහිල අල වලින් කොහිල කොත්තුවක් හදල බලමු...

අවශ්‍ය ද්‍රව්‍ය...

කරවල හෝ ජාඩි මේස හැදි 1ක්
කොහිල අල ( සිහින්ව ගිනිකූරු හැඩයට කපන්න) ග්‍රෑම් 800ක්
කොහිල දලු කුඩාවට කපාගත් ග්‍රෑම් 200ක්
සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 50ක්
සිහින්ව කපාගත් ලීක්ස්
ගෝවා ග්‍රෑම් 50ක්
බිත්තර 2 ක්
අමු මිරිස් කරල් 3 ක්
තක්කාලි ග්‍රෑම් 50 ක් ( කුඩාවට කපන්න )
සුදුලූනු තේ හැදි 1 ක්
අමු ඉගුරු තේ හැදි 2/1 ක්
ලියාගත් කරපිංචා මේස හැදි 1 ක්
කුඩාවට කපාගත් ලූනු ග්‍රෑම් 100 ක්
කිරිහොදි අඩු කෝප්ප 1 ක්
( නැතිනම් මස් හොදි )
තෙල් මේස හැදි 2 ක්

සාදන ආකාරය...

කොහිල අල දෙහි යුෂ දමා සෝදන්න. වොක් එකක් ළිප තබා එය රත්වන විට ලුනු, සුදුලූනු, අමු ඉගුරු, ලියාගත් කරපිංචා, අමු මිරිස් දමා බැදෙන විට කරවල හෝ ජාඩි දමා, කෑලි මිරිස් දමා කැරට් සමග අනෙක් එළවළු දමා කුඩාවට කපාගත් තක්කාලි දමා බිත්තර, මස් හොදි,ලූණු, කිරි හොදි දමා ගසන්න.. හරිද...?   පැහැදිලී නේද...?

ඔන්න ඔහොමයි කොහිල කොත්තුව හදන්නෙ....

නවීන ක්‍රමයට කෝස් කොත්තුව......

අවශ්‍ය ද්‍රව්‍ය...
ඇට ඉවත් කළ හොදට පැසුණු කොස් මදුලු කිලෝ 1 ක් ( සිහින්ව තීරු වලට කපන්න.)
සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 50ක්
සිහින්ව කපාගත් ලීක්ස් ග්‍රෑම් 50ක්
සිහින්ව කපාගත් ගෝවා ග්‍රෑම් 50ක්
බිත්තර 2ක්
මිරිස් කෑලි තේ හැදි 1ක්
අමු මිරිස් කරල් 3ක්
තක්කාලි ග්‍රෑම් 50ක් ( කුඩාවට කපන්න.)
සුදුලුනු තේ හැදි 1ක්
අමු ඉගුරු තේහැදි 2/1 ක්
ලියාගත් කරපිංචා මේස හැදි 1ක්
කුඩාවට කපාගත් ලූනු ග්‍රෑම් 100ක්
කිරි හොදි අඩු කෝප්ප 1ක්
නැතිනම් මස් හොදි අඩු කෝප්ප 1ක්
තෙල් මේස හැදි 2ක්

සාදන ක්‍රමය...

මෙහෙමයි...මුලින්ම කොස් සිහින් තීරු වලට කපන්න. වතුර බදුනක් ළිප තබා උතුරන විට කහ සහ ලුණු දමා එම වතුරට කපාගත් කොස් දමා වසා විනාඩියක් තම්බන්න.. ඉන්පසු වතුර පෙරන්න. තාච්චියක් හරි වොක් එකක් ගන්න. එයට තෙල් මේස හැදි 2ක් දමන්න. එය රත්වන විට ලූනු, කරපිංචා, සුදුලුනු, අමුඉගුරු, අමු මිරිස්, කැරට්, ලීක්ස්, ගෝවා දමා කෑලි මිරිස් එකතු කර තක්කාලි, ලුණු දමා තරමක් බැදෙන විට කඩාගත් බිත්තර එකතු කර කොස් දමා හොදි දමා ගසන්න....  කොත්තු ගහනව දැකල තියනව නෙ ඔයාලා....? 

ඔන්න ඔහොමයි කොස් කොත්තුව හදන්නෙ.....

තුර්කි බත හදල තියනවද ඔයලා....

 අවශ්‍ය ද්‍රව්‍ය...

සම්බා සහල් කිලෝ  1g ක්
එළු මස් කිලෝ ග්‍රෑම් 1 ක්
බේකන් ග්‍රෑම් 200 ක්
ලොකු ලූනු ගෙඩි 3ක්
ගම්මිරිස් ඇට මේස හැදි 1ක්
සුදුලූනු බික් 3ක්
ස්ටොක් වතුර
අවශ්‍ය තරම් තෙල්
ලුණු රස අනුව

සාදන ක්‍රමය...

මුලින්ම සහල් සෝදා දිය බේරෙන්නට හරින්න. මස් සෝදා තරමක කෑලි වලට කපාගන්න. ලුනු, සුදුලුනු සිහින්ව කපාගන්න. ගම්මිරිස් ඇට යන්තමට තලා ගන්න..  ඉන්පසු තාච්චියක් ළිප තබා රත්කර බේකන් කැබලි දමා බැදගන්න. එය පසෙකින් තබන්න. දැන් තෙල් ටිකක් දමා රත්කර  එයට මස් ටික දමා බැදගන්න..  ඒ ලෙසම ලුනු, සුදුලුනු ද බැද පසෙකින් තබන්න.. දැන් සහල්ද ඒ අකාරයටම බැදගන්න...  පැහැදිලී නේද? ඉන් පසු භාජනයක් ගෙන එයට මස්, බේකන්,ලුනු, සුදුලුනු දමන්න.. දැන් බැදගත් සහල්ද දමන්න.. තලාගත් ගම්මිරිස් ඇට ටිකද විසුරුවා හරින්න.. ස්ටොක් වතුර ටික රත්කර මේ මතට වත්කොට ලූණු ද එකතු කර හොදින් වසා ඇට මෘදු වනතුරු පිසගන්න... දැන් මේසෙට අරින්න කෑමට.... 

Tuesday, October 29, 2013

ඩෙවල් ෆිෂ් රයිස් රසට උයමු....

අවශ්‍ය ද්‍රව්‍ය...

සුදු සම්බා කැකුළු හාල් කිලෝ 1 ක්
තලපත් මාළු 500g ක්
සුදු ගෝවා 100g ක්
කැරට් 100g ක්
බටර් ටිකක්
ලුණු රස අනුව

සාදන ක්‍රමය..

   මුලින්ම මාළු හොදින් සෝදා කුඩාවට කපා වතුර ටිකක් වැඩිපුර දමා ලුණු, ගම්මිරිස්,දෙහියුෂ එකතු කර තම්බා ගන්න. ඉන්පසු මාළු කැබලි ඉවත් කර වතුර ටික පෙරා පසෙකට කරගන්න. දැන් මෙම වතුර ටික එකතු කර මදි පමණට වතුරද එකතු කර බත මෘදු වන තුරු පිසගන්න..ගෝවා ඉතා සිහින් ලෙස කපාගන්න. කැරට්ද ඉතාසිහින් දිග තීරු ලෙස කපා ගන්න. දැන් බටර් ටික ළිප තබා රත් වනවිට කුඩාවට කොටු කැපු තම්බාගත් මාළු කැබලි දමා බැදෙන්නට හරින්න. (ඔයා කැමතිනම් මාළු පොඩි කරල උනත් දාන්න පුළුවන්..) දැන් ඒවා බැදී ගෙන එද්දී කැරට් ටික දමන්න. එයද තැම්බීගෙන එද්දී ගෝවා කැබලි දමා බැද ගන්න.. දැන් ලුණු ද එකතු කර පිසගත් බත් දමා හොදින් කලවම් කරගන්න... හරිද...? එච්චරයි...   මොනව හරි ප්‍රශ්නයක් තියනවනම් comment එකක් දාන්න....  

hotline = +94755221675
          Malith Madusanka.

Sunday, October 27, 2013

සේවරි බත පහසුවෙන් ම කටට රසට පිසගන්න..

අවශ්‍ය ද්‍රව්‍ය...
සහල් සූදුරු සම්බා කිලෝ 1ක්
බටර් 100g ක්
රතුලුනු 50g ක්
සේර කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
තක්කාලි 100gක්
චීස් 150g ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 2/1 ක්
පාස්ලි කොළ 100g ක්

සාදන ක්‍රමය...
මුලින්ම සාමාන්‍ය  ආකාරයට බත පිසගන්න. දැන් රතුලූනූ, තක්කාලි, චීස් ග්‍රේට් කරගන්න. පාස්ලි කුඩාවට කපාගන්න.. දැන් භාජනයක් ළිපතබා රත් වූ විට බටර් ටික දමන්න.. දැන් කපාගත් රතුලූනු, තක්කාලි, කරපිංචා, සේර ද දමන්න. බෑදිගෙන එනවිට බත ද දමා කලවම් කරගන්න. එයට ගම්මිරිස් කුඩු ටිකක් ඉසින්න. හොදට කලවම් කරන්න. අන්තිමට ග්‍රේට් කරගත් චීස් සහ කුඩා පාස්ලි කැබලි දමා මිශ්‍ර කරන්න. බටර් වල ලුණු රස තියනවා. ඔයාට ලුණු  අවශ්‍යනම් පමණක් එකතු කරන්න...  ඔන්න දැන් හරි.....  රස බලන්නකෝ එහෙනම්....


මැක්සිකන් බත ගෙදරදී ම පිසගන්න..


අවශ්‍ය ද්‍රව්‍ය....

බාස්මතී සහල් 1kg ක්
බේකන් 250g ක්
ලොකු ලූනූ ගෙඩි 2ක්
තක්කාලි යුෂ කෝප්ප 4 ක්
ලූණූ රසට අනුව තෙල් ටිකක්

සාදන ක්‍රමය....

මුලින්ම  සහල් සෝදා දිය බේරා ගන්න. බේකන් කැබලි කරගන්න.ලුනු පෙති කපාගන්න.. දැන් භාජනයට තෙල් ටිකක් දමා බේකන් බැදෙන්නට හරින්න.. ඊට පස්සෙ දිය බේරා ගත් සහල් ද එකතු කර සහල් දුබුරු පාටට එනතුරු බැදගන්න.. කූරු ගාමින් බැදගන්න හොදෙ....  දැන් ලුනු පෙති ටිකද එකතු කර බැදෙන්නට හරින්න.. ඉන්පසු තක්කාලි යුෂ දමා හොදින් කලවම් කරන්න. දැන් ලුණුද එකතු කර අවශ්‍ය පමණට වතුර හෝ ස්ටෝක් වතුර දමා මෘදු වනතුරු බත පිසගන්න.....

මන් කියපු විදියටම හදල බලන්නකෝ... ම්ම්ම්ම්....

පෑන් කේක් හදන්න දන්නවද....

අවශ්‍ය ද්‍රව්‍ය...

සුදු කැකුළු ඉදි ආප්ප පිටි 250 g ක්
කිතුල් පැනි
තෙල් මේස හැදි 2ක්
බිත්තර 1 ක්
සීනි තේ හැදි 1
වතුර අවශ්‍ය පමණ
ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය....

පිටි වලට ලුණු,සීනි,තෙල් හා බිත්තර දමා කලවම් කරගන්න.ඉන්පසු එයට වතුරද ටිකෙන් ටික දමමින් පෑන්
කේක් පිටි පදම එන තෙක් හොදින් අනාගන්න. මෙය පැය බාගයක් පමණ පදම් වෙන්න තබන්න..ඉන්පසු
පෑන් කේක් තැටියට තෙල් ස්වල්පයක් තවරා  පෑන් කේක් සාදා උණුසුම තිබියදිම පැණි පොල් මැදට දමා රෝල් කරන්න. නැතිනම් පෑන් කේක් මත කිතුල් පැණි තවරා ත්‍රිකෝණයක් ආකාරයට නවා පිළීගැන්විය
හැකිය.....    

ම්ම්ම්ම්ම්ම්ම්....... කොහොමද? රසයි නේද? ඔයාලට තවත් රසවත් කෑමක් අරන් එන්නම් මන්.....

Thursday, October 10, 2013

බඩඉරිගු කිරිබත්

අවශ්‍ය ද්‍රව්‍ය.....

කැකුළු හෝ සුදු හාල් 500g ක්
බඩ ඉරිගු කරල් 5 ක ඇට
පොල් කිරි කෝප්ප 4 ක්
කරදමුංගු කරල්
කුරුදුපොතු
ලූණු

සාදන ක්‍රමය...

බඩඉරිගු ඇට කරල් වලින් වෙන් කරගෙන වතුර දමා රැයක් පෙගෙන්නට හරින්න... එම බඩඉරිගු ඇට ළිප තබා පැය බාගයක් පමණ තම්බා ගන්න... ඉන් පසු හාල් සෝදා තම්බාගත් බඩඉරිගු වලට එකතු කර ප්‍රමාණවත් තරමට වතුර යොදා බඩඉරිගු බත පිසගන්න.. මිලගට පොල්කිරි වලට ලූණු දමා වතුර සිදුනු බතට එකතු කරන්න.. කරදමුංගු සහ කුරුදුපොතු අවශ්‍ය පමණට එකතු කර කිරිබත මදගින්නේ ටික වෙලාවක් තිබෙන්නට හැර තෙතමනය යන්තම් තිබියදි දීසියක අතුරා කැලි කපාගන්න.....

Sunday, September 8, 2013

කූනිස්සන් බැදුමක් රසට හදා ගන්නෙ කොහොමද.....

කූනිස්සන් බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය.....

කූනිස්සන් 300gක්
ලොකු ලූනූ  250g ක්
මාළු මිරිස් 100g ක්
කෑලි මිරිස් 100g ක්
රම්පේ, කරපිංචා
ලුණු (රස අනුව)
බිලිං 250g ක්
කහ කුඩු ස්වල්පයක්
එළවළු තෙල්

සාදන ක්‍රමය....

කූණිස්සන් ටික වැලි ඉවත් යන ලෙස කීප වරක්ම සෝදන්න.. දැන් හොදින් මිරිකා දිය බේරෙන්න හරින්න... බිලිං සිහින්ව ලියාගන්න.. ලූනු ද සිහින්ව  ලියාගන්න.. මාළු මිරිස්ද  සිහින් පෙති ලෙස කපා ගන්න... දැන් තෙල් ළිප තබා රත්වන විට  කූනිස්සන් ටික දමා බැද අයින් කරගන්න... දැන් තෙල් අඩු කර එයට කපා ගත් ලුනු, රම්පේ, කරපිංචා, මාළු මිරිස්  සහ බිලිං ද දමා බැදෙන්නට හරින්න.... දැන් කහ කුඩු, කෑලි මිරිස්, ලුණූ ද එකතු කර අන්තිමට බැදගත් කූනිස්සන් දමා කලවම් කරගන්න....

Sunday, August 25, 2013

වම්බටු මෝජු

වම්බටු මෝජු වලට ඔයලා අසයි නේද.........

අවශ්‍ය ද්‍රව්‍ය....

වම්බටු කිලෝ 3 ක්
(වම්බටු සිහින්ව කපා කහ අතගා ගැඹුරු තෙලේ බදින්න.)

මෝජූ  මිශ්‍රණය...

මාළු මිරිස් 250g ක්
අඹ චට්නි බෝතලයක්
අඹ 100g ක්
විනාකිරි මේස හැදි 4 ක්
සීනි මේස හැදි 1 ක්
අඹරාගත් ඉගුරු, සුදු ලුනු තේ හැදි 1 බැගින්
ලොකු ලූනු ගෙඩි 8ක්
(හතරට  පලා ගන්න.)
අමු මිරිස් කරල්  6ක්
(දෙක්ට පලන්න.)

සාදන ක්‍රමය...

මෝජු මිශ්‍රණය කලවම් කර බැදගත් බටු කෑමට ගැනීමට  ආසන්නව මිශ්‍ර කරන්න....   




එච්චරයි...... හරිම පහසුවෙන් ඔයාලාට ගෙදරදිම හදාගන්න පුලුවන්.....  වැඩි වියදමක් යන්නෙත් නැ.... හදල බළල මට comment එකක් දාන්නත් අමතක කරන්න එපා යාළුවේ......... බුදු සරණයි.....

ෆෙන්ච් ක්‍රමයට ලුනු සුප්

ෆෙන්ච් ක්‍රමයට  ලුනු සුප් එකක් පහසුවෙන්ම ඔයලාට හදාගන්න පුලුවන්..
අවශ්‍ය ද්‍රව්‍ය.....

බැදගත් ලොකු ලුනු 100g ක්
එළවළු ස්ටොක්  කෝප්ප 2 ක්
ගම්මිරිස් කැබලි තේ හැදි 4/1 ක්
ලුණූ කුඩු තේ හැදි 1 ක්
බැදගත්  පාන් කැබලි 50g ක්
( අගලේ ප්‍රමාණයට පාන් කැබලි කපන්න. )
චීස්  පෙති 2ක්

සාදන ක්‍රමය....

පළමුව සුප් එක සාදාගත හැකි ප්‍රමානයේ භාජනයක් ගෙන එය ළිපේ තබා එයට එළවළු ස්ටොක් එකතු කර  එයට බැදගත්  ලොකු ලූනු හා  බැදගත් පාන් පෙති, රස අනුව ලුණු කුඩු  එකතු කර  සුප් එක සාදන්න... සුප් එක පිලිගන්වන විට  බැදගත් පාන් කැබලි දමා ඒ මතට  චීස් කැබලි දමා සුප් එක පිළිගන්වන්න....

හතු ඩෙවල් එකක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය....

අමු හතු පැකට්  6 ක්
ලුනු 500g ක්
අමු මිරිස් කරල් 4ක්
මිරිස්  කෑලි 100g ක්
තක්කාලි ගෙඩි 3 ක්
මාළු මිරිස් කරල් 3ක්
රම්පේ, කරපිංචා ටිකක්
තෙල් මේස හැදි 2 ක්
සීනි  ටිකක්

සාදන ක්‍රමය....

බදුනක් ගෙන එයට තෙල් දමා රත් කරන්න... එය රත්වන විට රම්පේ, කරපිංචා, අමු මිරිස් කෑලි මිරිස්  සියල්ල බැද බිම් මල් දමා  තෙලේ බැදුන පසු  කෑලි කපාගත් තක්කාලි දමා මාළු මිරිස් දමා සීනි එකතු කරන්න...

Monday, August 19, 2013

ඔන්න අද මන් ඔයාලට ගෙනාව කුකුළු මස් සහ අන්නාසි මිශ්‍ර සලාදයක්.....

අවශ්‍ය ද්‍රව්‍ය.....


කුකුල් මස් 250 g ක්
අන්නාසි ගෙඩි 2/1 ක්
කැමතිනම් මැකරෝනි ටිකක්
ලොකු ලූනු ගෙඩි 2ක්
අමු මිරිස් කරල් 2-3 ක්
දෙහි, ගම්මිරිස්, ලුණු (රස අනුව)
සීනි ටිකක්        

මෙච්චරයි  ඔනෙ.....
 
හදන්නෙ  මෙහෙමයි......

කුකුළු මස් , ලුණු වතුර  දමා තම්බන්න. අන්නාසි ගෙඩිය  පොතු හැර කැලි වලට කපන්න... කුකුළු මස් සාමාන්‍ය කෑලි වලට කපන්න.. දැන් ලූනු, ගම්මිරිස්, දෙහි, ගම්මිරිස්, ලුණු සියල්ල එකට මිශ්‍ර කර කපාගත් අන්නාසි , තම්බාගත් කුකුළු මස් සහ සීනි ටිකක් දමා මිශ්‍ර කරන්න...  ඔයාල කැමතිනම්  රස වෙනස් කරගන්න  මැකරෝනි ටිකක් දාන්න....  

බලන්නකො  එහෙනම් හදලා...   මන් තවත් රස කැමක් අරන් එන්නම්... ඔයාලා නොදන්නා කෑම  වර්ගයක් තියනවනම් මට comment එකක් දාන්න... නැත්නම් කෝල් කරන්න....  


075 5221675
Malith.

මේ ගෝවා කැරට් සුල්තානා මිශ්‍ර සලාදය.....

අව්ශ්‍ය ද්‍රව්‍ය....
                        
ගෝවා ග්‍රෑම්  පලුව්ක්
කැරට් ගෙඩි  4 ක්
සුල්තානා  100g ක්
ලුණු ( රසයට )
ගම්මිරිස්  ටිකක්
දෙහි ටිකක්
කපාගත් රතුලූනූ ටිකක්
කැමතිනම් මෙයෝනිස්  සෝස්


සාදන ක්‍රමය....

ගෝවා සිහින්ව කපන්න.. කැරට් සිහින්ව කපන්න.. සුල්තානා එකතු කරන්න... ලුණු රසයට්  මේ සියල්ල එකට  මිශ්‍ර කරන්න.. කැමතිනම්  මෙයෝනිස් සෝස් දමා මිශ්‍ර කර  රතු ලූනු  කෑලි  උඩින් දමන්න..... එච්චර යි...


හදල බළලා මට comment එකක් දාන්න අමතක කරන්න එපා........


Sunday, August 11, 2013

කටට රසට ඉතාලි බතක් හදල බලමුද.......

අව්ශ්‍ය ද්‍රව්‍ය....

සහල්  (සම්බා බාස්මති ) 1kg ක්
මාළු මිරිස් කරල් 2 ක්
බිත්තර 2 ක්
සලාද තෙල් ටිකක්
සුදු ලුනු බික් 5 ක්
සොසේජස්  හෝ  ලිංගුස්  750g ක්
තක්කාලි  පෙස්ට් කෝප්ප 2 ක්
ලුණූ රසට  අනුව්
ස්ටොක්  වතුර  හෝ  සුප් කැට


සාදන ක්‍රමය....

සහල් සෝදා  දිය බේරෙන්නට හරින්න.. සොසේජස්  අගලේ  පමණ  කැබලි වලට කපාගන්න.. මාළුමිරිස්  ද  රවුම් කපාගන්න...  සුදුලුනු  කුඩාවට කපාගන්න... සලාද තෙල් ටික රත්වන්නට  තබා කපාගත්  සුදුලුනු, මාළු මිරිස්, සොසේජස් දමා  බැදෙන්නට  හරින්න.. බැදීගෙන එන විට  සහල්ද  දමා  බැද ගන්න..  දැන්  තක්කාලි පේස්ට්, ස්ටොක් වතුර සහ  ලුණු ද  දමා  මිශ්‍රකර ඇට  මෘදු  වන තුරු බත පිසගන්න... බැදගත්  බිත්තර  කැබලි වලින්  බත සරසා ගන්න.....

Saturday, August 10, 2013

බිත්තර සලාදයක් හදල බලමුද.......

අව්ශ්‍ය ද්‍රව්‍ය....

බිත්තර 25 ක්
ලොකු ලුනු   250g ක්
අමුමිරිස්   කරල් 4-5 ක්
තක්කාලි ගෙඩි  2-3 ක්
ගම්මිරිස් ටිකක්
රස අනුව  ලුණු, දෙහි
මෙයෝනිස් සෝස්   බෝතලයක්
( වෙළෙද  පොලෙන් ගන්න. )


සාදන ක්‍රමය.....

පළමුව ලූනු,  අමුමිරිස් , තක්කාලි කැබලි වලට කපන්න...  එයට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු දමා  මෙයෝනිස් සෝස් දමා  මිශ්‍ර කරන්න..  තම්බා ගත් බිත්තර  කැලි වලට කපන්න...  දැන්  ඒ මතට  ලුනු මිශ්‍රණය  දමන්න... 

Friday, August 9, 2013

එළවඑ බත හදන්නෙ මෙහෙමයි......

අව්ශ්‍ය ද්‍රව්‍ය....

හාල්  කිලෝ  7 ක්
මාගරින්   200 g ක්
ග්‍රින්පීස්  450 ක්
ලීක්ස්  කිලෝ  1 ක්
කැරට්  කිලෝ 1 2/1 ක්
සැල්දිරි 300 g ක්
රට ලුනු  500g ක්
ලූණූ


සාදන  ක්‍රමය....

පලමුව හාල්  ගරා  සෝදා  බත  පිසගන්න...  වෙනත් බදුනක් ගෙන මාජරින් දමා  රත්වනවිට  තමන්ට  කැමති  හැඩයකට  කපාගත්  ලුනූ, කැරට්, ලීක්ස් බදුනට  දමන්න...   එය බාගෙට  තැම්බෙන විට  ග්‍රීන්පීස් දමා  විනාඩි  2ක්  පමන  ගත වු  පසු  සැල්දිරි  දමා පිසගත්  බත් දමා  ලුණු  දමා කලවම් කරගන්න....   හරිද.....

රස දෙල් පෙති බැදුමක් හදමුද............

අවශ්‍ය  ද්‍රව්‍ය.....

දෙල්  අවශ්‍ය තරමට
ලුණූ කුඩු
මිරිස් කුඩු
බැදීමට  තෙල්


සාදන  ක්‍රමය....

දෙල්  පොතු  හැර  සෝදා   ඉතා  සිහින් පෙති ලෙස කපාගන්න...  දැන්  ඒවා  ගැඹුරු  තෙලේ  බැද  තෙල්  බේරෙන්න  හරින්න...  හොදින්  තෙල්  බේරුනු  පසු  ලූණු කුඩු  සහ  මිරිස්  කුඩු  දමා  උඩ  දමමින්  කලවම් කරගන්න.....

Sunday, August 4, 2013

ස්ප්‍රින් රෝල් තීරු ඔතාගත් ඉස්සො හදමුද..........

අව්ශ්‍ය ද්‍රව්‍ය....

                                                                     
තරමක ඉස්සො
ලුණු, ගම්මිරිස්, සෝස්  ස්වල්පය බැගින්
අමුමිරිස් කරල් කිහිපයක්
බී ලුනු 
කෝන් පිටි
තට්ටු කරගත්  බිත්තර
ස්ප්‍රීන්  රෝල්  ශිට්


සාදන  ක්‍රමය....

ඉස්සන් වලිගය  ඉතිරි  වන  ලෙස  පවිත්‍ර කර එම ඉස්සන්  දෙකට මැදින්  පලන්න..  බී ලුනු  හා  අමු මිරිස්  සිහින්ව  ලියා  පලාගත්  ඉස්සාට  බී  ලුනු  හා  අමුමිරිස්  කැබලි  පුරවන්න...  ලුණූ,  ගම්මිරිස් , සෝස්  ආදිය  මිශ්‍රකර  ඉස්සා එහි  දවටා  එයට  උඩින්  කෝන් පිටි  තවරා ගන්න...  දැන්  මෙම ඉස්සන්  තට්ටු කරගත්  බිත්තර  සාරුවල  දවටන්න..  පසුව  ස්ප්‍රීන්  රෝල්  තීරු  දිගට  කපා එහි  ඉස්සන් ඔතා  ගැඹූරු  තෙලේ  බදින්න...

ම්ම්ම්ම්ම්ම්ම්ම්..........   කටට රසට්  කන්න  පුලුවන්..... 

කෙසෙල් කැරමල් එකක් හදල බලමුද......?

අව්ශ්‍ය  ද්‍රව්‍ය.....                                       

ඉදුණූ  කෙසෙල්  ගෙඩි  4-5 ක්
සීනි  150 g ක්
දෙහි  යුෂ  තේ  හැදි  1 ක්
වතුර  කෝප්ප  2/1 ක්


සාදන  ක්‍රමය....

සිනි බදුනකට  දමා ළීප මත තබා  කැරමල් කරගන්න..  කෙසෙල් පොතු හැර  දිගට  කැබලි  කපා එයට  දෙහි යුෂ එකතු  කරන්න... දැන් කැරමල් කරගත් පැනි  වලට  කෙසෙල්  එක්කර  පැණි පාට වනතුරු  උයා ගන්න....  ඉන් පසු  සංග්‍රහය  සදහා  යොදා ගන්න...


හදල  බලන්නකො හොදයි ද කියලා...............

Thursday, August 1, 2013

දැන් මන් ඔයාලට දෙල් බැදුමක් හදන හැටි කියල දෙන්නම්.....

අවශ්‍ය ද්‍රව්‍ය....                                             

දෙල් ගෙඩි  2/1 ක්
හාල්මැස්සො  100g ක්
තක්කාලි ගෙඩි 2 ක්
රට ලුනූ  100g ක්
අමුමිරිස්  කරල්  2 ක්
ලුණූ සහ  ගම්මිරිස්
දෙහි  ගෙඩි  2/1ක  යුෂ


සාදන  ක්‍රමය....

දෙල්  කුඩා  කැබලි කපා  අව්වේ  වේලා ගන්න.. පසුව  වේලා ගත් දෙල් කැබලි සහ හාල්මැස්සන්  වෙන වෙනම  බැද ගන්න..  තක්කාලි  කුඩාවට කපා ගන්න... ලුනු, අමුමිරිස් කපා  පසෙකින් තබන්න... දැන්  මේ සියල්ල එකට  මිශ්‍රකර දෙහි  ඇඹුල් දමා කෑමට ගන්න....


හදලා බලාන්නකෝ  හොදද කියලා................

කටට රහට නිවිති හා දෙල් මාළුවක් හදන්න දන්නවද...

අව්ශ්‍ය ද්‍රව්‍ය....                                     

දෙහි ගෙඩි  1 ක්
නිවිති  මිටි  2/1 ක්
කහ ස්වල්පයක්
අමුමිරිස්  කරල් කිහිපයක්
කරපිංචා  කිනිත්තක්
මිටි කිරි කෝප්ප 1 2/1 ක්
දිය කිරි  කෝප්ප  2 ක්
ලුණු

සාදන  ක්‍රමය....

දෙල් කැබලි  කපා  දිය කිරෙන් තම්බාගන්න... තැම්බුණූ පසු ලුණූ, අමුමිරිස්, කරපිංචා, නිවිති එකතු කරන්න.. මිටිකිරි දමා උතුරන තෙක් රත්කර ළිපෙන් ඉවතට ගන්න...


නොදන්න  දෙයක් තියනවනම් comment  එකක් දාන්න........

Tuesday, July 30, 2013

දැන් අඩ තෝසේ හදල බලමුද......

අවශ්‍ය  ද්‍රව්‍ය....                                                
තෝසේ  පිටි  200g ක්
කඩල  පරිප්පු  50g ක්
මුං ඇට  50g ක්
කඩල  50g ක්
සිහින්ව  කපාගත්  රතු ලුනු  ස්වල්පයක්
කරපිංචා කොල 
සුදු ලුනු  බික්  1ක් 2ක්
අමු මිරිස්  කරල් 2-3 ක්
තල තෙල් හෝ  තමන්  කැමති  තෙල් වර්ගයක්


සාදන  ක්‍රමය....

කඩල පරිප්පු  මුං ඇට සහ කඩල  සෝදා   පැය 2/1 ක් පමන පෙගෙන්න තබා සිහින්ව  අඹරා ගන්න..  දැන්  තෝසේ  පිටි  සහ අඹරා ගත්  මිශ්‍රනය  එකට දමා  වතුරෙන්  තෝසේ පිටි  පදමට  අනා ගන්න.. මෙය පැයක් පමන  පදම්  විමට තබන්න...  ඉන්පසු  රතු ලුනු, අමුමිරිස්, කරපිංචා, සුදුලුනු  හා  ලුණු පිටි  මිශ්‍රනයට  දමා  කලවම් කර තවත්  මිනිත්තු 5 ක්   පදම් වන්නට  තබන්න... තැටියට තල තෙල්  තවරා  තෝසේ මිශ්‍රනය  වත් කර, තුනී කර බාගෙන  පිලිස්සෙන විට එය මතුපිටද  තල තෙල් ස්වල්පයක් දමා  එහි  දෙපැත්තම  පුළුස්සා ගන්න.....  

ඔයාලට මන් අද කියලා දෙන්නෙ අන්නාසි සලාදය හදන හැටි.......

අවශ්‍ය  ද්‍රව්‍ය....                                    

අන්නාසි ගෙඩි 1ක්
තක්කාලි ගෙඩි 2ක්
අමුමිරිස්   කරල්  2 ක්
බී  ලූනු ගෙඩි  2 ක්
සුදුලුනු තේ හැදි  1 ක්
මී කිරි  මෙස හැදි  2ක්
සිනි  තේ හැදි  2ක්
දෙහි  යුෂ 
ලූණු,ගම්මිරිස්  කුඩු


සාදන ක්‍රමය.....

අන්නාසි ගෙඩිය  පොතු හැර  කොටු  හැඩයට  සිටින සේ  කපාගන්න.. තක්කාලි  කොටු  හැඩයට්  කපාගන්න..  අමු මිරිස්  ඇලයට  කපන්න.. බී ලූනු හා සුදුලුනු සිහින්ව  ලියා ගන්න.. දැන් මෙ සියල්ල  එකට  මිශ්‍ර කරගෙන  රස  පදමට  ලුණු හා  ගම්මිරිස්  එකතු කරගන්න..


හදල බලන්න හොදේ........

Friday, July 26, 2013

ඔයාලා පරිප්පු සුප් හදල තියනවද.... හදල නැත්නම් හදල බලන්නකො....

අවශ්‍ය  ද්‍රව්‍ය....                                            

මයිසූර්  පරිප්පු  250g ක්
එලවළු ස්ටොක්  දියරය පයින්ට්  2/1 ක්
තක්කාලි  පේස්ට්  මේස  හැදි 2ක්
බී  ලුනු  ගෙඩි 2 ක්
රස  අනුව ලුණූ, ගම්මිරිස්  කුඩු
තක්කාලි  ගෙඩි  100g ක්
සිහින්ව කපාගත්  ලුනු ගස්  මේස  හැදි  2 ක්
කෝන්ෆ්ලවර්  මේස හැදි  1 ක්

සාදන  ක්‍රමය.....


පරිප්පු තම්බාගන්න. එයින් කොටසක්  බ්ලෙන්ඩර් කරගන්න. ඉතිරි  පරිප්පු වලට එළවලු ස්ටොක්  දියරය, තක්කාලි පේස්ට් , බී ලුනු , රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු  එකතු කර  ළිප තබා  විනාඩි  10ක් - 15ක්  උණු කර ගන්න.. පසුව ඇල්  දියෙන් දිය කර ගත් කෝන්ෆ්ලවර්   එකතුකර  උකු වනතුරු උයාගන්න..  අවසානයට  මැද  ඇති ඇට ඉවත්කර  කොටු ආකාරයට කපාගත් තක්කාලි, ලුනු ගස්, මීශ්‍ර කර උණුවෙන්ම  රස විද  බලන්න.....

Monday, July 22, 2013

ඔන්න මන් ගෙනාවා ඔයාලට අල ඩෙවල්......

අවශ්‍ය  ද්‍රව්‍ය....                           



අල 500g ක්
තක්කාලි  50 g ක්
මාළු මිරිස්  50g ක්
ලීක්ස්  50g ක්
ලොකු ලූනු 50g ක්
කෑලි මිරිස්  තේ හැදි  3 ක්
ගම්මිරිස් තේ හැදි  1 ක්
රස කාරක
සීනි  තේ  හැදි  2/1 ක්
තක්කාලි  සෝස්  මේස  හැදි  8 ක්
තෙල් ලීටර්   2/1 ක්
බිත්තර  2 ක්
කොන් අල  මේස  හැදි 5 ක්
සුදුලුනු  බික් 4 ක්
ඉගුරු  ඉත්  1 ක්

සාදන  ක්‍රමය

අඟලේ  කැබලි  වලට  කපාගන්න.. ව්සේ  කපාගත් අල  තුන්කාලට තම්බාගෙන  ළිපෙන්  බාගන්න.. එසේ   බාගත් පසු  නිවෙන්න හැර  බිත්තර, ලුණු, ගම්මිරිස්, කොන් අල දමා සීසන්  කරගෙන නැවත  ගැබුරු  තෙලෙහි  බැදගන්න...  භාජනයක් තෙල්  මේස  හැදි  2ක් දමා  එයට  සුදුලුනු  සහ ඉගුරු  දමා  තෙම්පරාදු  කරගෙන  කපාගත්  එලවලු වර්ග  සියල්ලම දමා කලවම්  කරගන්න...  එයටම   තක්කාලි  සෝස්  දමා  කලවම්  කරගෙන  අවසානයේ  අල  සහ  රසකාරක  දමා කලවම් කරගන්න....   සීනි  ද  දාන්න...


හදල  බලළා  කියන්නකො  මටත්.......  

යාලූ......... පොල් බිස්කට් හදන්න දන්නවද.....

අවශ්‍ය  ද්‍රව්‍ය....


මාගරින්  225g ක්
දුඹුරු  සීනි  150g ක්
බිත්තර සුදු මද 1 ක්
ඩෙසිකට් 100g ක්
( කපාපු පොල් නම්  වන මේවා  සුපිරි  වෙළෙදසල් වල ඇත. )
කුරුදු කුඩු  තේ  හැදි 1 ක්
ලුනු තේ හැදි 2/1 ක්
පිටි 200g ක්


සාදන  ක්‍රමය....


මුලින්ම  බටර් හා  සීනි ක්‍රීම් වන  තුරු ගසන්න.. බිත්තර  සුදු ම්ද  කුරුදු කුඩු  එයට එකතුකර  ලුණූ දමා මිශ්‍ර කරන්න..පිටි හා ඩෙසිකට්ද  එයට එකතු කර  හොදින් කලවම් කර ගන්න.. දැන් බටර්  තැව්රූ  තැටියක තුනී කර කලින් රත් කරගත්  අව්න්  එකක  විනාඩි  20 බේක්කර  ගන්න. එළියට ගත් පසු  ඩයමන්ඩ්  හැඩයට් කපා  පිළිගන්වන්න...

Wednesday, July 17, 2013

සොයා කට්ලට් හදමු ද බලන්න......

අවශ්‍ය ද්‍රව්‍ය........                                  


සෝයා 100 g
අල ගෙඩි  1  ක්
ලුනු  3 -  4  ක්
තක්කාලි ගෙඩි  1 ක්
අමු මිරිස් කරල් 2 ක්
කරපින්චා  ඉත්තක්
කුරුදු  කැබැල්ලක්
පොල් කිරි කෝප්ප  4/1  ක්
මිරිස් කුඩු තේ හැදි  1 ක්
ගම්මිරිස්  තේ හැදි  2/1 ක්
රස  අනුව ලුණු


සාදන ක්‍රමය........


සෝයා ලුණු  වතුරේ දමා  පොගවා  ගන්න....  අල හා  සෝයා වෙන වෙනම  තම්බා ගන්න..  කුඩා කැබලි  වලට කපන්න.....  දෙකම එකට දමා  ඉතිරි සියල්ල කලවම් කර තෙල් ටිකක් ලිප තබා තෙම්පරාදු කරන්න.  මෙය බෝල මෙන් සාදා පැතලි කරගනන.... පිටි දැවටුමක්  සාදා  එහි දවටා බිස්කට් කුඩු  තවරා  බැද ගන්න......


Tuesday, July 16, 2013

අපි දැන් තක්කාලි හදමු තක්කාලි කරියක්.......

අවශ්‍ය ද්‍රව්‍ය........                     


තක්කලි 300 g
ලොකු ලුනු ගෙඩි 1 ක්
කුරුදු කබැල්ලක්
අමු මිරිස් කරල් 1 ක් 
ඉගුරු කබැල්ලක්
සුදුලුනු බික් 2  ක්
කරපින්චා ඉත්තක්
අබ ඇට තේ හැදි 1 ක්
සීනි මේස  හැදි  1  ක් 
පොල් කිරි කෝප්ප 1  ක්
ලුනු ස්වල්පයක්
මිරිස් කුඩු ස්වල්පයක්
කරදමුන්ගු කරාබුනැටි


සාදන ක්‍රමය.......


තක්කාලි, ලූනු කපගන්න.. ඉගුරු , සුදු ලුනු  එකට අබරාගන්න...  තෙල් ලිප තබා  කරදමුන්ගු ,  කරාබුනැටි, කරපින්චා, කුරුදු, ඉගුරු, සුදු ලුනු අබ දමා   බැදගන්න...  එයටම  කහ, මිරිස් කුඩු , සීනි, ලුණූ,  අමු මිරිස්, තක්කලි, ලුනු දමා  මදගින්නෙ ඉදෙන විට  පොල් කිරි දමා  හිදෙන්න  උයාගන්න......


කිරි රොටි හදමුද...........

අවශ්‍ය දෑ.........                    




පිටි 500 g
පොල් කිරි කෝප්ප 2 ක්
දිය ලුණූ
තලතෙල්  හෝ පොල් තෙල් මේස හැදි 5  ක්


සාදන ක්‍රමය.......


පිටි හොදින් හලා භාජනයකට  දමා  ඊට පොල් කිරි  පදමට දමා   හොදින් අතින් අනන්න.....  පිටි  ඝනකමට තිබිය යුතුය....   දැන් සාස්පන ලිප මත තබා   පොඩි රෙදි පොට්ටනියකින්  සාස්පනේ සැම තැනම  තෙල් තවරන්න...... දැන් නැවතත්  පිටි මිශ්‍රනය තමන්ට  අවශ්‍ය පරිදි    රවුමක් ( හැන්දකින් ) දමා  යටි පැත්තද  හරවා  හොදින් උයාගන්න...... මෙය ලුනු මිරිසක් සමග  රසවත් ආහාරයකි...... අවශ්‍යනම් පැනි පොල් සමගද   ආහාරයට  ගත හැකිය......  


හදල බලන්නකො එහෙනම්........ නොදන්නා දෙයක් තියනවනම්  comment එකක් දාන්න........ 
 

ඔයාලා දන්නවද යීස්ට් රොටි හදන්න........

මෙන්න මේවා ඔනෙ.......


පාන් පිටි 500g
යීස්ට් තේ හැදි  2 ක්
වතුර  මි. ලී. 250 ක්
ලුණූ ස්වල්පයක්


සාදන ක්‍රමය



පාන් පිටි , යීස්ට් සහ වතුර  දමා  හොදින් මිශ්‍ර කරමින්  අනාගෙන පිටි  මෝලිය පැයක් පමන  පමණ  කාලයක්  පිපෙන්නට තබන්න......  ඉන්පසු කුඩා  බෝල වලට  කඩා   තුනී කර  රත් වු  තැටියක් මත  තබා  දෙපත්ත දමමින්   පුළුස්සා  ගන්න...... එච්චරයි.........

Monday, July 15, 2013

මෙන්න මන් ගෙනවා ඔයලට ඔයාල ආස කැමක්. වටලප්පන්.

මේකනම් ඔයලා  දන්නවත් ඇති........


අවශ්‍ය දෑ......

දියකරගත් හකුරු ලීටරයක්
බිත්තර ලීටරයක්
පොල් ලීටරයක්
සාදික්කා ( ගාගන්න )
කජු කැබලි ටිකක්

සාදන ක්‍රමය.......


බදුනක් ගෙන  එයට  බිත්තර , හකුරු , පොල් කිරි සහ  ගාගත් සාදික්කා එකතු කර තැටියක දමා  උඩින් කජු ටිකක් දමා  එය වතුර බදුනක දමා  බේක් කර ගත හැකිය.....  මෙය සෙන්ටිග්‍රෙට් 180 උෂ්ණත්වය තුල   විනඩි  20  ක්  25  ක්  බේක් කරන්න......  නැති නම්  වාෂ්පයෙන්  තම්බන්න......


බලන්නකො මේ ක්‍රමයටත් හදලා.........

අපි හදමු නිවිති මිශ්‍ර බිම්මල් බැදුමක්........

මෙන්න මෙවා ඕනෙ............


බිම්මල් 100g ක්
නිවිති 100g ක්
ඉගුරු සුදුලුනු  මේස හැදි  1 ක්
රස අනුව ලුනු කුඩු හා ගම්මිරිස් කුඩු 
තෙල් මේස හැදි  2 ක්
සෙසෙම් ඔයිල්  තේ හැදි 1 ක්
සෝයා සෝස් මේස හැදි 1  ක්
සීනි තේ හැදි 2 ක්


සාදන ක්‍රමය........


භාජනයක්  ළිප  තබා  එයට තෙල් දමන්න... හොදින් රත්වු පසු ඉගුරු /  සුදුලුනු දමන්න...   පසුව බිම්මල් දමා උයාගන්න..... එයට නිවිති  ද   මිශ්‍ර කර  සෝයා සෝස් , ලුණු කුඩු , ගම්මිරිස් කුඩු , සෙසෙම් ඔයිල් එකතු කර ලිපෙන් බා කැමට ගන්න........


කොහොමද........? දන්නෙ නැති දෙයක් තියනවනම් comment එකක් දාන්න........ 

මන් ඔයාලට ඉන්දියන් රොටි හදන හැටි කියන්නද......

ඕනෙ මෙච්චරයි.....................


ආප්ප සෝඩා  තේ හැදි 1 4/1 ක්
කිරි කෝප්ප 1 ක්
සිනි තේ හැදි 2 ක්
ලුණූ තේ හැදි 1 2/1 ක්
තෙල් මේස හැදි 3 ක්
Add caption
බිත්තර 1 ක්
පිටි 450g


සාදන ක්‍රමය........



කිරි,  බිත්තර , සීනි , ලුණු හා තෙල් එකට ගසන්න. ආප්ප සෝඩා පිටි වලට කලවම් කර ඉහත මිශ්‍රණය දමා අනා පිටි ගුලියක් සාදා ගන්න.  හොදින් අනා මෘදු ගුලියක් සාදාගෙන තෙත රෙදි කැබැල්ලකින්  එම පිටි  ගුලිය වසා පැය 2/1 ක්  පමණ පසෙකින් තබන්න...    පැය 2/1 කට පසුව ගෙන කුඩා බෝල සාදා රෝලින් පින් එකකින් එම කුඩා බෝල  තුනී කර තැටියක දමා පුළුස්සා ගන්න.....       


බලන්නකො හදල කොහොමද කියල................. 

කටට රසට බතල සලාදයලක් හදමු බලන්න....

මුලින්ම මෙ ටික සකස් කරගන්න.......තක්කාලි ගෙඩියක්
ලුනු ගෙඩි බාගයක්
රස අනුව ලුනු
රස අනුව දෙහි ඇඹුල්

බතල 250g
පොල් බෑයක පොල්



සාදන ක්‍රමය..

බතල වල පොත්ත සුද්ද කර කොටු හැඩයට කපන්න. වතුර ටිකක් ලුනු සමග ළිප තබා එම වතුරට කපගත් බතල දමා තම්බා ගන්න. තම්බා ගත් බතල පැත්තකින් තබන්න... තක්කාලි කොටු හැඩයට කපන්න. ලුනු කොටු හැඩයට කපන්න.  තක්කාලි, ලුනු, ලුණු, දෙහි,  පොල් දමා මිශ්‍ර කරන්න..  එයට තම්බා ගත් බතල දමා  මිශ්‍රකර කලවම් කරන්න......


හදල බලන්නකො එහෙනම්..........

Sunday, July 14, 2013

කටට රසට පැණි පොල් කේක් එකක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය

සාදා ගත් පැනි පොල් 250g

බිත්තර 4

සීනි 250g

මාගරින් ග්‍රෑම් 250g

බේකින් පව්ඩර් තේ හැදි 2යි

ආප්ප සෝඩා තේ හැදි 2/1

සුවද කුඩු තේ හැදි 1

කජු ග්‍රෑම් 100

රට ඉදි 200g

සාදන ක්‍රමය

සීනි  සහ  බිත්තර දමා  එකට ගසා ගන්න.දැන් මාගරින්   එකතු  කර  ගසා  ගන්න.ඉන්පසු  පැණි  පොල්  ටික  එකතු  කර  ගසා ගන්න.
පාන් පිටි  බේකින්  පව්ඩර්  සහ  ආප්ප සෝඩා  එකට  කලවම්  කර  හලා ගන්න.  දන්  පිටි  ටික  කලින්   ම්ශ්‍රනයට  එකතු  කරමින්  ගසා ගන්න.සුවද  කුඩුද  එකතු  කරන්න. කුඩාවට  කපා  ගත්  කජු  මද  සහා රට ඉදිද  එකතු  කරන්න. හොදින්  මිශ්‍ර  වෙන   ලෙස  කලවන් කරන්න.දැන්  තෙල්  කඩදාසියක්  දමා  සකස්  කර  ගත්   තැටියක  දමා අංශක 160ක උශ්ණත්වයේ  පැයක්  පමන  පුලුස්සා  ගන්න.

 හරි  ඔන්න  මම  මගෙ  පලවෙනි  ලිපිය  ඔයාලට  ඉදිරිපත්  කරා...  තවත්  මෙවැනි  වට්ටෝරු  සමගින්  මම් නැවත්  එන්නම්.

නොදන්න  දෙයක්  තියනවනම්   comment එකක්  දමන්න.. මම   පිලිතුරු  දෙන්නම්....