අවශ්‍ය ද්‍රව්‍ය...
ඇට ඉවත් කළ හොදට පැසුණු කොස් මදුලු කිලෝ 1 ක් ( සිහින්ව තීරු වලට කපන්න.)
සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 50ක්
සිහින්ව කපාගත් ලීක්ස් ග්‍රෑම් 50ක්
සිහින්ව කපාගත් ගෝවා ග්‍රෑම් 50ක්
බිත්තර 2ක්
මිරිස් කෑලි තේ හැදි 1ක්
අමු මිරිස් කරල් 3ක්
තක්කාලි ග්‍රෑම් 50ක් ( කුඩාවට කපන්න.)
සුදුලුනු තේ හැදි 1ක්
අමු ඉගුරු තේහැදි 2/1 ක්
ලියාගත් කරපිංචා මේස හැදි 1ක්
කුඩාවට කපාගත් ලූනු ග්‍රෑම් 100ක්
කිරි හොදි අඩු කෝප්ප 1ක්
නැතිනම් මස් හොදි අඩු කෝප්ප 1ක්
තෙල් මේස හැදි 2ක්
සාදන ක්‍රමය...
මෙහෙමයි...මුලින්ම කොස් සිහින් තීරු වලට කපන්න. වතුර බදුනක් ළිප තබා උතුරන විට කහ සහ ලුණු දමා එම වතුරට කපාගත් කොස් දමා වසා විනාඩියක් තම්බන්න.. ඉන්පසු වතුර පෙරන්න. තාච්චියක් හරි වොක් එකක් ගන්න. එයට තෙල් මේස හැදි 2ක් දමන්න. එය රත්වන විට ලූනු, කරපිංචා, සුදුලුනු, අමුඉගුරු, අමු මිරිස්, කැරට්, ලීක්ස්, ගෝවා දමා කෑලි මිරිස් එකතු කර තක්කාලි, ලුණු දමා තරමක් බැදෙන විට කඩාගත් බිත්තර එකතු කර කොස් දමා හොදි දමා ගසන්න.... කොත්තු ගහනව දැකල තියනව නෙ ඔයාලා....?
ඔන්න ඔහොමයි කොස් කොත්තුව හදන්නෙ.....
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කූනිස්සන් බැදුම අවශ්‍ය ද්‍රව්‍ය..... කූනිස්සන් 300gක් ලොකු ලූනූ 250g ක් මාළු මිරිස් 100g ක් කෑලි මිරිස් 100g ක් රම්පේ, කරපිංචා ...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... දෙහි ගෙඩි 1 ක් නිවිති මිටි 2/1 ක් කහ ස්වල්පයක් අමුමිරිස් කරල් කිහිපයක්...
-
අවශ්‍ය ද්‍රව්‍ය..... කුකුල් මස් 250 g ක් අන්නාසි ගෙඩි 2/1 ක් කැමතිනම් මැකරෝනි ටිකක් ලොකු ලූනු ගෙඩි 2ක් අමු මිරිස් කරල් 2-3 ක් දෙහි, ...
-
අවශ්‍ය ද්‍රව්‍ය..... දෙල් අවශ්‍ය තරමට ලුණූ කුඩු මිරිස් කුඩු බැදීමට තෙල් සාදන ක්‍රමය.... දෙල් පොතු හැර සෝදා ඉතා සිහින් පෙති ලෙස කපා...
-
අවශ්‍ය ද්‍රව්‍ය... සහල් සූදුරු සම්බා කිලෝ 1ක් බටර් 100g ක් රතුලුනු 50g ක් සේර කැබැල්ලක් කරපිංචා කිනිත්තක් තක්කාලි 100gක් චීස් 150g ක්...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... බිත්තර 25 ක් ලොකු ලුනු 250g ක් අමුමිරිස් කරල් 4-5 ක් තක්කාලි ගෙඩි 2-3 ක් ගම්මිරිස් ටිකක් රස අනුව ලුණු, ද...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... ගෝවා ග්‍රෑම් පලුව්ක් කැරට් ගෙඩි 4 ක් සුල්තානා 100g ක් ලුණු ( රසයට ) ගම්මිරිස් ටිකක් ...
-
අවශ්‍ය දේවල්.... බැදපු සුදු හාල් පිටි කෝප්ප 1 ක් මදක් බැදගත් කුරක්කන් පිටි කෝප්ප 1 ක් ගාගත් පොල් කෝප්ප 1 ක් වතුර කෝප්ප 4/3 ක් ලුණු තේ...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අන්නාසි ගෙඩි 1ක් තක්කාලි ගෙඩි 2ක් අමුමිරිස් කරල් 2 ක් බී ලූනු ගෙඩි 2 ක් සුද...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... සහල් (සම්බා බාස්මති ) 1kg ක් මාළු මිරිස් කරල් 2 ක් බිත්තර 2 ක් සලාද තෙල් ටිකක් සුදු ලුනු බික් 5 ක් සොසේජස් හෝ ලිංගුස...


0 comments:
Post a Comment