Tuesday, July 30, 2013

දැන් අඩ තෝසේ හදල බලමුද......

අවශ්‍ය  ද්‍රව්‍ය....                                                
තෝසේ  පිටි  200g ක්
කඩල  පරිප්පු  50g ක්
මුං ඇට  50g ක්
කඩල  50g ක්
සිහින්ව  කපාගත්  රතු ලුනු  ස්වල්පයක්
කරපිංචා කොල 
සුදු ලුනු  බික්  1ක් 2ක්
අමු මිරිස්  කරල් 2-3 ක්
තල තෙල් හෝ  තමන්  කැමති  තෙල් වර්ගයක්


සාදන  ක්‍රමය....

කඩල පරිප්පු  මුං ඇට සහ කඩල  සෝදා   පැය 2/1 ක් පමන පෙගෙන්න තබා සිහින්ව  අඹරා ගන්න..  දැන්  තෝසේ  පිටි  සහ අඹරා ගත්  මිශ්‍රනය  එකට දමා  වතුරෙන්  තෝසේ පිටි  පදමට  අනා ගන්න.. මෙය පැයක් පමන  පදම්  විමට තබන්න...  ඉන්පසු  රතු ලුනු, අමුමිරිස්, කරපිංචා, සුදුලුනු  හා  ලුණු පිටි  මිශ්‍රනයට  දමා  කලවම් කර තවත්  මිනිත්තු 5 ක්   පදම් වන්නට  තබන්න... තැටියට තල තෙල්  තවරා  තෝසේ මිශ්‍රනය  වත් කර, තුනී කර බාගෙන  පිලිස්සෙන විට එය මතුපිටද  තල තෙල් ස්වල්පයක් දමා  එහි  දෙපැත්තම  පුළුස්සා ගන්න.....  

ඔයාලට මන් අද කියලා දෙන්නෙ අන්නාසි සලාදය හදන හැටි.......

අවශ්‍ය  ද්‍රව්‍ය....                                    

අන්නාසි ගෙඩි 1ක්
තක්කාලි ගෙඩි 2ක්
අමුමිරිස්   කරල්  2 ක්
බී  ලූනු ගෙඩි  2 ක්
සුදුලුනු තේ හැදි  1 ක්
මී කිරි  මෙස හැදි  2ක්
සිනි  තේ හැදි  2ක්
දෙහි  යුෂ 
ලූණු,ගම්මිරිස්  කුඩු


සාදන ක්‍රමය.....

අන්නාසි ගෙඩිය  පොතු හැර  කොටු  හැඩයට  සිටින සේ  කපාගන්න.. තක්කාලි  කොටු  හැඩයට්  කපාගන්න..  අමු මිරිස්  ඇලයට  කපන්න.. බී ලූනු හා සුදුලුනු සිහින්ව  ලියා ගන්න.. දැන් මෙ සියල්ල  එකට  මිශ්‍ර කරගෙන  රස  පදමට  ලුණු හා  ගම්මිරිස්  එකතු කරගන්න..


හදල බලන්න හොදේ........

Friday, July 26, 2013

ඔයාලා පරිප්පු සුප් හදල තියනවද.... හදල නැත්නම් හදල බලන්නකො....

අවශ්‍ය  ද්‍රව්‍ය....                                            

මයිසූර්  පරිප්පු  250g ක්
එලවළු ස්ටොක්  දියරය පයින්ට්  2/1 ක්
තක්කාලි  පේස්ට්  මේස  හැදි 2ක්
බී  ලුනු  ගෙඩි 2 ක්
රස  අනුව ලුණූ, ගම්මිරිස්  කුඩු
තක්කාලි  ගෙඩි  100g ක්
සිහින්ව කපාගත්  ලුනු ගස්  මේස  හැදි  2 ක්
කෝන්ෆ්ලවර්  මේස හැදි  1 ක්

සාදන  ක්‍රමය.....


පරිප්පු තම්බාගන්න. එයින් කොටසක්  බ්ලෙන්ඩර් කරගන්න. ඉතිරි  පරිප්පු වලට එළවලු ස්ටොක්  දියරය, තක්කාලි පේස්ට් , බී ලුනු , රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු  එකතු කර  ළිප තබා  විනාඩි  10ක් - 15ක්  උණු කර ගන්න.. පසුව ඇල්  දියෙන් දිය කර ගත් කෝන්ෆ්ලවර්   එකතුකර  උකු වනතුරු උයාගන්න..  අවසානයට  මැද  ඇති ඇට ඉවත්කර  කොටු ආකාරයට කපාගත් තක්කාලි, ලුනු ගස්, මීශ්‍ර කර උණුවෙන්ම  රස විද  බලන්න.....

Monday, July 22, 2013

ඔන්න මන් ගෙනාවා ඔයාලට අල ඩෙවල්......

අවශ්‍ය  ද්‍රව්‍ය....                           



අල 500g ක්
තක්කාලි  50 g ක්
මාළු මිරිස්  50g ක්
ලීක්ස්  50g ක්
ලොකු ලූනු 50g ක්
කෑලි මිරිස්  තේ හැදි  3 ක්
ගම්මිරිස් තේ හැදි  1 ක්
රස කාරක
සීනි  තේ  හැදි  2/1 ක්
තක්කාලි  සෝස්  මේස  හැදි  8 ක්
තෙල් ලීටර්   2/1 ක්
බිත්තර  2 ක්
කොන් අල  මේස  හැදි 5 ක්
සුදුලුනු  බික් 4 ක්
ඉගුරු  ඉත්  1 ක්

සාදන  ක්‍රමය

අඟලේ  කැබලි  වලට  කපාගන්න.. ව්සේ  කපාගත් අල  තුන්කාලට තම්බාගෙන  ළිපෙන්  බාගන්න.. එසේ   බාගත් පසු  නිවෙන්න හැර  බිත්තර, ලුණු, ගම්මිරිස්, කොන් අල දමා සීසන්  කරගෙන නැවත  ගැබුරු  තෙලෙහි  බැදගන්න...  භාජනයක් තෙල්  මේස  හැදි  2ක් දමා  එයට  සුදුලුනු  සහ ඉගුරු  දමා  තෙම්පරාදු  කරගෙන  කපාගත්  එලවලු වර්ග  සියල්ලම දමා කලවම්  කරගන්න...  එයටම   තක්කාලි  සෝස්  දමා  කලවම්  කරගෙන  අවසානයේ  අල  සහ  රසකාරක  දමා කලවම් කරගන්න....   සීනි  ද  දාන්න...


හදල  බලළා  කියන්නකො  මටත්.......  

යාලූ......... පොල් බිස්කට් හදන්න දන්නවද.....

අවශ්‍ය  ද්‍රව්‍ය....


මාගරින්  225g ක්
දුඹුරු  සීනි  150g ක්
බිත්තර සුදු මද 1 ක්
ඩෙසිකට් 100g ක්
( කපාපු පොල් නම්  වන මේවා  සුපිරි  වෙළෙදසල් වල ඇත. )
කුරුදු කුඩු  තේ  හැදි 1 ක්
ලුනු තේ හැදි 2/1 ක්
පිටි 200g ක්


සාදන  ක්‍රමය....


මුලින්ම  බටර් හා  සීනි ක්‍රීම් වන  තුරු ගසන්න.. බිත්තර  සුදු ම්ද  කුරුදු කුඩු  එයට එකතුකර  ලුණූ දමා මිශ්‍ර කරන්න..පිටි හා ඩෙසිකට්ද  එයට එකතු කර  හොදින් කලවම් කර ගන්න.. දැන් බටර්  තැව්රූ  තැටියක තුනී කර කලින් රත් කරගත්  අව්න්  එකක  විනාඩි  20 බේක්කර  ගන්න. එළියට ගත් පසු  ඩයමන්ඩ්  හැඩයට් කපා  පිළිගන්වන්න...

Wednesday, July 17, 2013

සොයා කට්ලට් හදමු ද බලන්න......

අවශ්‍ය ද්‍රව්‍ය........                                  


සෝයා 100 g
අල ගෙඩි  1  ක්
ලුනු  3 -  4  ක්
තක්කාලි ගෙඩි  1 ක්
අමු මිරිස් කරල් 2 ක්
කරපින්චා  ඉත්තක්
කුරුදු  කැබැල්ලක්
පොල් කිරි කෝප්ප  4/1  ක්
මිරිස් කුඩු තේ හැදි  1 ක්
ගම්මිරිස්  තේ හැදි  2/1 ක්
රස  අනුව ලුණු


සාදන ක්‍රමය........


සෝයා ලුණු  වතුරේ දමා  පොගවා  ගන්න....  අල හා  සෝයා වෙන වෙනම  තම්බා ගන්න..  කුඩා කැබලි  වලට කපන්න.....  දෙකම එකට දමා  ඉතිරි සියල්ල කලවම් කර තෙල් ටිකක් ලිප තබා තෙම්පරාදු කරන්න.  මෙය බෝල මෙන් සාදා පැතලි කරගනන.... පිටි දැවටුමක්  සාදා  එහි දවටා බිස්කට් කුඩු  තවරා  බැද ගන්න......


Tuesday, July 16, 2013

අපි දැන් තක්කාලි හදමු තක්කාලි කරියක්.......

අවශ්‍ය ද්‍රව්‍ය........                     


තක්කලි 300 g
ලොකු ලුනු ගෙඩි 1 ක්
කුරුදු කබැල්ලක්
අමු මිරිස් කරල් 1 ක් 
ඉගුරු කබැල්ලක්
සුදුලුනු බික් 2  ක්
කරපින්චා ඉත්තක්
අබ ඇට තේ හැදි 1 ක්
සීනි මේස  හැදි  1  ක් 
පොල් කිරි කෝප්ප 1  ක්
ලුනු ස්වල්පයක්
මිරිස් කුඩු ස්වල්පයක්
කරදමුන්ගු කරාබුනැටි


සාදන ක්‍රමය.......


තක්කාලි, ලූනු කපගන්න.. ඉගුරු , සුදු ලුනු  එකට අබරාගන්න...  තෙල් ලිප තබා  කරදමුන්ගු ,  කරාබුනැටි, කරපින්චා, කුරුදු, ඉගුරු, සුදු ලුනු අබ දමා   බැදගන්න...  එයටම  කහ, මිරිස් කුඩු , සීනි, ලුණූ,  අමු මිරිස්, තක්කලි, ලුනු දමා  මදගින්නෙ ඉදෙන විට  පොල් කිරි දමා  හිදෙන්න  උයාගන්න......


කිරි රොටි හදමුද...........

අවශ්‍ය දෑ.........                    




පිටි 500 g
පොල් කිරි කෝප්ප 2 ක්
දිය ලුණූ
තලතෙල්  හෝ පොල් තෙල් මේස හැදි 5  ක්


සාදන ක්‍රමය.......


පිටි හොදින් හලා භාජනයකට  දමා  ඊට පොල් කිරි  පදමට දමා   හොදින් අතින් අනන්න.....  පිටි  ඝනකමට තිබිය යුතුය....   දැන් සාස්පන ලිප මත තබා   පොඩි රෙදි පොට්ටනියකින්  සාස්පනේ සැම තැනම  තෙල් තවරන්න...... දැන් නැවතත්  පිටි මිශ්‍රනය තමන්ට  අවශ්‍ය පරිදි    රවුමක් ( හැන්දකින් ) දමා  යටි පැත්තද  හරවා  හොදින් උයාගන්න...... මෙය ලුනු මිරිසක් සමග  රසවත් ආහාරයකි...... අවශ්‍යනම් පැනි පොල් සමගද   ආහාරයට  ගත හැකිය......  


හදල බලන්නකො එහෙනම්........ නොදන්නා දෙයක් තියනවනම්  comment එකක් දාන්න........ 
 

ඔයාලා දන්නවද යීස්ට් රොටි හදන්න........

මෙන්න මේවා ඔනෙ.......


පාන් පිටි 500g
යීස්ට් තේ හැදි  2 ක්
වතුර  මි. ලී. 250 ක්
ලුණූ ස්වල්පයක්


සාදන ක්‍රමය



පාන් පිටි , යීස්ට් සහ වතුර  දමා  හොදින් මිශ්‍ර කරමින්  අනාගෙන පිටි  මෝලිය පැයක් පමන  පමණ  කාලයක්  පිපෙන්නට තබන්න......  ඉන්පසු කුඩා  බෝල වලට  කඩා   තුනී කර  රත් වු  තැටියක් මත  තබා  දෙපත්ත දමමින්   පුළුස්සා  ගන්න...... එච්චරයි.........

Monday, July 15, 2013

මෙන්න මන් ගෙනවා ඔයලට ඔයාල ආස කැමක්. වටලප්පන්.

මේකනම් ඔයලා  දන්නවත් ඇති........


අවශ්‍ය දෑ......

දියකරගත් හකුරු ලීටරයක්
බිත්තර ලීටරයක්
පොල් ලීටරයක්
සාදික්කා ( ගාගන්න )
කජු කැබලි ටිකක්

සාදන ක්‍රමය.......


බදුනක් ගෙන  එයට  බිත්තර , හකුරු , පොල් කිරි සහ  ගාගත් සාදික්කා එකතු කර තැටියක දමා  උඩින් කජු ටිකක් දමා  එය වතුර බදුනක දමා  බේක් කර ගත හැකිය.....  මෙය සෙන්ටිග්‍රෙට් 180 උෂ්ණත්වය තුල   විනඩි  20  ක්  25  ක්  බේක් කරන්න......  නැති නම්  වාෂ්පයෙන්  තම්බන්න......


බලන්නකො මේ ක්‍රමයටත් හදලා.........

අපි හදමු නිවිති මිශ්‍ර බිම්මල් බැදුමක්........

මෙන්න මෙවා ඕනෙ............


බිම්මල් 100g ක්
නිවිති 100g ක්
ඉගුරු සුදුලුනු  මේස හැදි  1 ක්
රස අනුව ලුනු කුඩු හා ගම්මිරිස් කුඩු 
තෙල් මේස හැදි  2 ක්
සෙසෙම් ඔයිල්  තේ හැදි 1 ක්
සෝයා සෝස් මේස හැදි 1  ක්
සීනි තේ හැදි 2 ක්


සාදන ක්‍රමය........


භාජනයක්  ළිප  තබා  එයට තෙල් දමන්න... හොදින් රත්වු පසු ඉගුරු /  සුදුලුනු දමන්න...   පසුව බිම්මල් දමා උයාගන්න..... එයට නිවිති  ද   මිශ්‍ර කර  සෝයා සෝස් , ලුණු කුඩු , ගම්මිරිස් කුඩු , සෙසෙම් ඔයිල් එකතු කර ලිපෙන් බා කැමට ගන්න........


කොහොමද........? දන්නෙ නැති දෙයක් තියනවනම් comment එකක් දාන්න........ 

මන් ඔයාලට ඉන්දියන් රොටි හදන හැටි කියන්නද......

ඕනෙ මෙච්චරයි.....................


ආප්ප සෝඩා  තේ හැදි 1 4/1 ක්
කිරි කෝප්ප 1 ක්
සිනි තේ හැදි 2 ක්
ලුණූ තේ හැදි 1 2/1 ක්
තෙල් මේස හැදි 3 ක්
Add caption
බිත්තර 1 ක්
පිටි 450g


සාදන ක්‍රමය........



කිරි,  බිත්තර , සීනි , ලුණු හා තෙල් එකට ගසන්න. ආප්ප සෝඩා පිටි වලට කලවම් කර ඉහත මිශ්‍රණය දමා අනා පිටි ගුලියක් සාදා ගන්න.  හොදින් අනා මෘදු ගුලියක් සාදාගෙන තෙත රෙදි කැබැල්ලකින්  එම පිටි  ගුලිය වසා පැය 2/1 ක්  පමණ පසෙකින් තබන්න...    පැය 2/1 කට පසුව ගෙන කුඩා බෝල සාදා රෝලින් පින් එකකින් එම කුඩා බෝල  තුනී කර තැටියක දමා පුළුස්සා ගන්න.....       


බලන්නකො හදල කොහොමද කියල................. 

කටට රසට බතල සලාදයලක් හදමු බලන්න....

මුලින්ම මෙ ටික සකස් කරගන්න.......තක්කාලි ගෙඩියක්
ලුනු ගෙඩි බාගයක්
රස අනුව ලුනු
රස අනුව දෙහි ඇඹුල්

බතල 250g
පොල් බෑයක පොල්



සාදන ක්‍රමය..

බතල වල පොත්ත සුද්ද කර කොටු හැඩයට කපන්න. වතුර ටිකක් ලුනු සමග ළිප තබා එම වතුරට කපගත් බතල දමා තම්බා ගන්න. තම්බා ගත් බතල පැත්තකින් තබන්න... තක්කාලි කොටු හැඩයට කපන්න. ලුනු කොටු හැඩයට කපන්න.  තක්කාලි, ලුනු, ලුණු, දෙහි,  පොල් දමා මිශ්‍ර කරන්න..  එයට තම්බා ගත් බතල දමා  මිශ්‍රකර කලවම් කරන්න......


හදල බලන්නකො එහෙනම්..........

Sunday, July 14, 2013

කටට රසට පැණි පොල් කේක් එකක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය

සාදා ගත් පැනි පොල් 250g

බිත්තර 4

සීනි 250g

මාගරින් ග්‍රෑම් 250g

බේකින් පව්ඩර් තේ හැදි 2යි

ආප්ප සෝඩා තේ හැදි 2/1

සුවද කුඩු තේ හැදි 1

කජු ග්‍රෑම් 100

රට ඉදි 200g

සාදන ක්‍රමය

සීනි  සහ  බිත්තර දමා  එකට ගසා ගන්න.දැන් මාගරින්   එකතු  කර  ගසා  ගන්න.ඉන්පසු  පැණි  පොල්  ටික  එකතු  කර  ගසා ගන්න.
පාන් පිටි  බේකින්  පව්ඩර්  සහ  ආප්ප සෝඩා  එකට  කලවම්  කර  හලා ගන්න.  දන්  පිටි  ටික  කලින්   ම්ශ්‍රනයට  එකතු  කරමින්  ගසා ගන්න.සුවද  කුඩුද  එකතු  කරන්න. කුඩාවට  කපා  ගත්  කජු  මද  සහා රට ඉදිද  එකතු  කරන්න. හොදින්  මිශ්‍ර  වෙන   ලෙස  කලවන් කරන්න.දැන්  තෙල්  කඩදාසියක්  දමා  සකස්  කර  ගත්   තැටියක  දමා අංශක 160ක උශ්ණත්වයේ  පැයක්  පමන  පුලුස්සා  ගන්න.

 හරි  ඔන්න  මම  මගෙ  පලවෙනි  ලිපිය  ඔයාලට  ඉදිරිපත්  කරා...  තවත්  මෙවැනි  වට්ටෝරු  සමගින්  මම් නැවත්  එන්නම්.

නොදන්න  දෙයක්  තියනවනම්   comment එකක්  දමන්න.. මම   පිලිතුරු  දෙන්නම්....