Tuesday, October 29, 2013

ඩෙවල් ෆිෂ් රයිස් රසට උයමු....

අවශ්‍ය ද්‍රව්‍ය...

සුදු සම්බා කැකුළු හාල් කිලෝ 1 ක්
තලපත් මාළු 500g ක්
සුදු ගෝවා 100g ක්
කැරට් 100g ක්
බටර් ටිකක්
ලුණු රස අනුව

සාදන ක්‍රමය..

   මුලින්ම මාළු හොදින් සෝදා කුඩාවට කපා වතුර ටිකක් වැඩිපුර දමා ලුණු, ගම්මිරිස්,දෙහියුෂ එකතු කර තම්බා ගන්න. ඉන්පසු මාළු කැබලි ඉවත් කර වතුර ටික පෙරා පසෙකට කරගන්න. දැන් මෙම වතුර ටික එකතු කර මදි පමණට වතුරද එකතු කර බත මෘදු වන තුරු පිසගන්න..ගෝවා ඉතා සිහින් ලෙස කපාගන්න. කැරට්ද ඉතාසිහින් දිග තීරු ලෙස කපා ගන්න. දැන් බටර් ටික ළිප තබා රත් වනවිට කුඩාවට කොටු කැපු තම්බාගත් මාළු කැබලි දමා බැදෙන්නට හරින්න. (ඔයා කැමතිනම් මාළු පොඩි කරල උනත් දාන්න පුළුවන්..) දැන් ඒවා බැදී ගෙන එද්දී කැරට් ටික දමන්න. එයද තැම්බීගෙන එද්දී ගෝවා කැබලි දමා බැද ගන්න.. දැන් ලුණු ද එකතු කර පිසගත් බත් දමා හොදින් කලවම් කරගන්න... හරිද...? එච්චරයි...   මොනව හරි ප්‍රශ්නයක් තියනවනම් comment එකක් දාන්න....  

hotline = +94755221675
          Malith Madusanka.

Sunday, October 27, 2013

සේවරි බත පහසුවෙන් ම කටට රසට පිසගන්න..

අවශ්‍ය ද්‍රව්‍ය...
සහල් සූදුරු සම්බා කිලෝ 1ක්
බටර් 100g ක්
රතුලුනු 50g ක්
සේර කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
තක්කාලි 100gක්
චීස් 150g ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 2/1 ක්
පාස්ලි කොළ 100g ක්

සාදන ක්‍රමය...
මුලින්ම සාමාන්‍ය  ආකාරයට බත පිසගන්න. දැන් රතුලූනූ, තක්කාලි, චීස් ග්‍රේට් කරගන්න. පාස්ලි කුඩාවට කපාගන්න.. දැන් භාජනයක් ළිපතබා රත් වූ විට බටර් ටික දමන්න.. දැන් කපාගත් රතුලූනු, තක්කාලි, කරපිංචා, සේර ද දමන්න. බෑදිගෙන එනවිට බත ද දමා කලවම් කරගන්න. එයට ගම්මිරිස් කුඩු ටිකක් ඉසින්න. හොදට කලවම් කරන්න. අන්තිමට ග්‍රේට් කරගත් චීස් සහ කුඩා පාස්ලි කැබලි දමා මිශ්‍ර කරන්න. බටර් වල ලුණු රස තියනවා. ඔයාට ලුණු  අවශ්‍යනම් පමණක් එකතු කරන්න...  ඔන්න දැන් හරි.....  රස බලන්නකෝ එහෙනම්....


මැක්සිකන් බත ගෙදරදී ම පිසගන්න..


අවශ්‍ය ද්‍රව්‍ය....

බාස්මතී සහල් 1kg ක්
බේකන් 250g ක්
ලොකු ලූනූ ගෙඩි 2ක්
තක්කාලි යුෂ කෝප්ප 4 ක්
ලූණූ රසට අනුව තෙල් ටිකක්

සාදන ක්‍රමය....

මුලින්ම  සහල් සෝදා දිය බේරා ගන්න. බේකන් කැබලි කරගන්න.ලුනු පෙති කපාගන්න.. දැන් භාජනයට තෙල් ටිකක් දමා බේකන් බැදෙන්නට හරින්න.. ඊට පස්සෙ දිය බේරා ගත් සහල් ද එකතු කර සහල් දුබුරු පාටට එනතුරු බැදගන්න.. කූරු ගාමින් බැදගන්න හොදෙ....  දැන් ලුනු පෙති ටිකද එකතු කර බැදෙන්නට හරින්න.. ඉන්පසු තක්කාලි යුෂ දමා හොදින් කලවම් කරන්න. දැන් ලුණුද එකතු කර අවශ්‍ය පමණට වතුර හෝ ස්ටෝක් වතුර දමා මෘදු වනතුරු බත පිසගන්න.....

මන් කියපු විදියටම හදල බලන්නකෝ... ම්ම්ම්ම්....

පෑන් කේක් හදන්න දන්නවද....

අවශ්‍ය ද්‍රව්‍ය...

සුදු කැකුළු ඉදි ආප්ප පිටි 250 g ක්
කිතුල් පැනි
තෙල් මේස හැදි 2ක්
බිත්තර 1 ක්
සීනි තේ හැදි 1
වතුර අවශ්‍ය පමණ
ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය....

පිටි වලට ලුණු,සීනි,තෙල් හා බිත්තර දමා කලවම් කරගන්න.ඉන්පසු එයට වතුරද ටිකෙන් ටික දමමින් පෑන්
කේක් පිටි පදම එන තෙක් හොදින් අනාගන්න. මෙය පැය බාගයක් පමණ පදම් වෙන්න තබන්න..ඉන්පසු
පෑන් කේක් තැටියට තෙල් ස්වල්පයක් තවරා  පෑන් කේක් සාදා උණුසුම තිබියදිම පැණි පොල් මැදට දමා රෝල් කරන්න. නැතිනම් පෑන් කේක් මත කිතුල් පැණි තවරා ත්‍රිකෝණයක් ආකාරයට නවා පිළීගැන්විය
හැකිය.....    

ම්ම්ම්ම්ම්ම්ම්....... කොහොමද? රසයි නේද? ඔයාලට තවත් රසවත් කෑමක් අරන් එන්නම් මන්.....

Thursday, October 10, 2013

බඩඉරිගු කිරිබත්

අවශ්‍ය ද්‍රව්‍ය.....

කැකුළු හෝ සුදු හාල් 500g ක්
බඩ ඉරිගු කරල් 5 ක ඇට
පොල් කිරි කෝප්ප 4 ක්
කරදමුංගු කරල්
කුරුදුපොතු
ලූණු

සාදන ක්‍රමය...

බඩඉරිගු ඇට කරල් වලින් වෙන් කරගෙන වතුර දමා රැයක් පෙගෙන්නට හරින්න... එම බඩඉරිගු ඇට ළිප තබා පැය බාගයක් පමණ තම්බා ගන්න... ඉන් පසු හාල් සෝදා තම්බාගත් බඩඉරිගු වලට එකතු කර ප්‍රමාණවත් තරමට වතුර යොදා බඩඉරිගු බත පිසගන්න.. මිලගට පොල්කිරි වලට ලූණු දමා වතුර සිදුනු බතට එකතු කරන්න.. කරදමුංගු සහ කුරුදුපොතු අවශ්‍ය පමණට එකතු කර කිරිබත මදගින්නේ ටික වෙලාවක් තිබෙන්නට හැර තෙතමනය යන්තම් තිබියදි දීසියක අතුරා කැලි කපාගන්න.....