අවශ්‍ය ද්‍රව්‍ය...සුදු කැකුළු ඉදි ආප්ප පිටි 250 g ක්
කිතුල් පැනි
තෙල් මේස හැදි 2ක්
බිත්තර 1 ක්
සීනි තේ හැදි 1
වතුර අවශ්‍ය පමණ
ලුණූ ස්වල්පයක්
සාදන ක්‍රමය....
පිටි වලට ලුණු,සීනි,තෙල් හා බිත්තර දමා කලවම් කරගන්න.ඉන්පසු එයට වතුරද ටිකෙන් ටික දමමින් පෑන්
කේක් පිටි පදම එන තෙක් හොදින් අනාගන්න. මෙය පැය බාගයක් පමණ පදම් වෙන්න තබන්න..ඉන්පසු
පෑන් කේක් තැටියට තෙල් ස්වල්පයක් තවරා පෑන් කේක් සාදා උණුසුම තිබියදිම පැණි පොල් මැදට දමා රෝල් කරන්න. නැතිනම් පෑන් කේක් මත කිතුල් පැණි තවරා ත්‍රිකෝණයක් ආකාරයට නවා පිළීගැන්විය
හැකිය.....
ම්ම්ම්ම්ම්ම්ම්....... කොහොමද? රසයි නේද? ඔයාලට තවත් රසවත් කෑමක් අරන් එන්නම් මන්.....

0 comments:
Post a Comment