අවශ්‍ය ද්‍රව්‍ය...
සම්බා සහල් කිලෝ 1g ක්
එළු මස් කිලෝ ග්‍රෑම් 1 ක්
බේකන් ග්‍රෑම් 200 ක්
ලොකු ලූනු ගෙඩි 3ක්
ගම්මිරිස් ඇට මේස හැදි 1ක්
සුදුලූනු බික් 3ක්
ස්ටොක් වතුර
අවශ්‍ය තරම් තෙල්
ලුණු රස අනුව
සාදන ක්‍රමය...
මුලින්ම සහල් සෝදා දිය බේරෙන්නට හරින්න. මස් සෝදා තරමක කෑලි වලට කපාගන්න. ලුනු, සුදුලුනු සිහින්ව කපාගන්න. ගම්මිරිස් ඇට යන්තමට තලා ගන්න.. ඉන්පසු තාච්චියක් ළිප තබා රත්කර බේකන් කැබලි දමා බැදගන්න. එය පසෙකින් තබන්න. දැන් තෙල් ටිකක් දමා රත්කර එයට මස් ටික දමා බැදගන්න.. ඒ ලෙසම ලුනු, සුදුලුනු ද බැද පසෙකින් තබන්න.. දැන් සහල්ද ඒ අකාරයටම බැදගන්න... පැහැදිලී නේද? ඉන් පසු භාජනයක් ගෙන එයට මස්, බේකන්,ලුනු, සුදුලුනු දමන්න.. දැන් බැදගත් සහල්ද දමන්න.. තලාගත් ගම්මිරිස් ඇට ටිකද විසුරුවා හරින්න.. ස්ටොක් වතුර ටික රත්කර මේ මතට වත්කොට ලූණු ද එකතු කර හොදින් වසා ඇට මෘදු වනතුරු පිසගන්න... දැන් මේසෙට අරින්න කෑමට....
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කූනිස්සන් බැදුම අවශ්‍ය ද්‍රව්‍ය..... කූනිස්සන් 300gක් ලොකු ලූනූ 250g ක් මාළු මිරිස් 100g ක් කෑලි මිරිස් 100g ක් රම්පේ, කරපිංචා ...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... දෙහි ගෙඩි 1 ක් නිවිති මිටි 2/1 ක් කහ ස්වල්පයක් අමුමිරිස් කරල් කිහිපයක්...
-
අවශ්‍ය ද්‍රව්‍ය..... කුකුල් මස් 250 g ක් අන්නාසි ගෙඩි 2/1 ක් කැමතිනම් මැකරෝනි ටිකක් ලොකු ලූනු ගෙඩි 2ක් අමු මිරිස් කරල් 2-3 ක් දෙහි, ...
-
අවශ්‍ය ද්‍රව්‍ය..... දෙල් අවශ්‍ය තරමට ලුණූ කුඩු මිරිස් කුඩු බැදීමට තෙල් සාදන ක්‍රමය.... දෙල් පොතු හැර සෝදා ඉතා සිහින් පෙති ලෙස කපා...
-
අවශ්‍ය ද්‍රව්‍ය... සහල් සූදුරු සම්බා කිලෝ 1ක් බටර් 100g ක් රතුලුනු 50g ක් සේර කැබැල්ලක් කරපිංචා කිනිත්තක් තක්කාලි 100gක් චීස් 150g ක්...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... බිත්තර 25 ක් ලොකු ලුනු 250g ක් අමුමිරිස් කරල් 4-5 ක් තක්කාලි ගෙඩි 2-3 ක් ගම්මිරිස් ටිකක් රස අනුව ලුණු, ද...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... ගෝවා ග්‍රෑම් පලුව්ක් කැරට් ගෙඩි 4 ක් සුල්තානා 100g ක් ලුණු ( රසයට ) ගම්මිරිස් ටිකක් ...
-
අවශ්‍ය දේවල්.... බැදපු සුදු හාල් පිටි කෝප්ප 1 ක් මදක් බැදගත් කුරක්කන් පිටි කෝප්ප 1 ක් ගාගත් පොල් කෝප්ප 1 ක් වතුර කෝප්ප 4/3 ක් ලුණු තේ...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අන්නාසි ගෙඩි 1ක් තක්කාලි ගෙඩි 2ක් අමුමිරිස් කරල් 2 ක් බී ලූනු ගෙඩි 2 ක් සුද...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... සහල් (සම්බා බාස්මති ) 1kg ක් මාළු මිරිස් කරල් 2 ක් බිත්තර 2 ක් සලාද තෙල් ටිකක් සුදු ලුනු බික් 5 ක් සොසේජස් හෝ ලිංගුස...


0 comments:
Post a Comment