වම්බටු මෝජු වලට ඔයලා අසයි නේද.........
අවශ්ය ද්රව්ය....
වම්බටු කිලෝ 3 ක්
(වම්බටු සිහින්ව කපා කහ අතගා ගැඹුරු තෙලේ බදින්න.)
මෝජූ මිශ්රණය...
මාළු මිරිස් 250g ක්
අඹ චට්නි බෝතලයක්
අඹ 100g ක්
විනාකිරි මේස හැදි 4 ක්
සීනි මේස හැදි 1 ක්
අඹරාගත් ඉගුරු, සුදු ලුනු තේ හැදි 1 බැගින්
ලොකු ලූනු ගෙඩි 8ක්
(හතරට පලා ගන්න.)
අමු මිරිස් කරල් 6ක්
(දෙක්ට පලන්න.)
සාදන ක්රමය...
මෝජු මිශ්රණය කලවම් කර බැදගත් බටු කෑමට ගැනීමට ආසන්නව මිශ්ර කරන්න....
එච්චරයි...... හරිම පහසුවෙන් ඔයාලාට ගෙදරදිම හදාගන්න පුලුවන්..... වැඩි වියදමක් යන්නෙත් නැ.... හදල බළල මට comment එකක් දාන්නත් අමතක කරන්න එපා යාළුවේ......... බුදු සරණයි.....
Sunday, August 25, 2013
ෆෙන්ච් ක්රමයට ලුනු සුප්
ෆෙන්ච් ක්රමයට ලුනු සුප් එකක් පහසුවෙන්ම ඔයලාට හදාගන්න පුලුවන්..
අවශ්ය ද්රව්ය.....
බැදගත් ලොකු ලුනු 100g ක්
එළවළු ස්ටොක් කෝප්ප 2 ක්
ගම්මිරිස් කැබලි තේ හැදි 4/1 ක්
ලුණූ කුඩු තේ හැදි 1 ක්
බැදගත් පාන් කැබලි 50g ක්
( අගලේ ප්රමාණයට පාන් කැබලි කපන්න. )
චීස් පෙති 2ක්
සාදන ක්රමය....
පළමුව සුප් එක සාදාගත හැකි ප්රමානයේ භාජනයක් ගෙන එය ළිපේ තබා එයට එළවළු ස්ටොක් එකතු කර එයට බැදගත් ලොකු ලූනු හා බැදගත් පාන් පෙති, රස අනුව ලුණු කුඩු එකතු කර සුප් එක සාදන්න... සුප් එක පිලිගන්වන විට බැදගත් පාන් කැබලි දමා ඒ මතට චීස් කැබලි දමා සුප් එක පිළිගන්වන්න....
අවශ්ය ද්රව්ය.....
බැදගත් ලොකු ලුනු 100g ක්
එළවළු ස්ටොක් කෝප්ප 2 ක්
ගම්මිරිස් කැබලි තේ හැදි 4/1 ක්
ලුණූ කුඩු තේ හැදි 1 ක්
බැදගත් පාන් කැබලි 50g ක්
( අගලේ ප්රමාණයට පාන් කැබලි කපන්න. )
චීස් පෙති 2ක්
සාදන ක්රමය....
පළමුව සුප් එක සාදාගත හැකි ප්රමානයේ භාජනයක් ගෙන එය ළිපේ තබා එයට එළවළු ස්ටොක් එකතු කර එයට බැදගත් ලොකු ලූනු හා බැදගත් පාන් පෙති, රස අනුව ලුණු කුඩු එකතු කර සුප් එක සාදන්න... සුප් එක පිලිගන්වන විට බැදගත් පාන් කැබලි දමා ඒ මතට චීස් කැබලි දමා සුප් එක පිළිගන්වන්න....
හතු ඩෙවල් එකක් හදමු.
අවශ්ය ද්රව්ය....
අමු හතු පැකට් 6 ක්
ලුනු 500g ක්
අමු මිරිස් කරල් 4ක්
මිරිස් කෑලි 100g ක්
තක්කාලි ගෙඩි 3 ක්
මාළු මිරිස් කරල් 3ක්
රම්පේ, කරපිංචා ටිකක්
තෙල් මේස හැදි 2 ක්
සීනි ටිකක්
සාදන ක්රමය....
බදුනක් ගෙන එයට තෙල් දමා රත් කරන්න... එය රත්වන විට රම්පේ, කරපිංචා, අමු මිරිස් කෑලි මිරිස් සියල්ල බැද බිම් මල් දමා තෙලේ බැදුන පසු කෑලි කපාගත් තක්කාලි දමා මාළු මිරිස් දමා සීනි එකතු කරන්න...
Monday, August 19, 2013
ඔන්න අද මන් ඔයාලට ගෙනාව කුකුළු මස් සහ අන්නාසි මිශ්ර සලාදයක්.....
අවශ්ය ද්රව්ය.....කුකුල් මස් 250 g ක්
අන්නාසි ගෙඩි 2/1 ක්
කැමතිනම් මැකරෝනි ටිකක්
ලොකු ලූනු ගෙඩි 2ක්
අමු මිරිස් කරල් 2-3 ක්
දෙහි, ගම්මිරිස්, ලුණු (රස අනුව)
සීනි ටිකක්
මෙච්චරයි ඔනෙ.....
හදන්නෙ මෙහෙමයි......
කුකුළු මස් , ලුණු වතුර දමා තම්බන්න. අන්නාසි ගෙඩිය පොතු හැර කැලි වලට කපන්න... කුකුළු මස් සාමාන්ය කෑලි වලට කපන්න.. දැන් ලූනු, ගම්මිරිස්, දෙහි, ගම්මිරිස්, ලුණු සියල්ල එකට මිශ්ර කර කපාගත් අන්නාසි , තම්බාගත් කුකුළු මස් සහ සීනි ටිකක් දමා මිශ්ර කරන්න... ඔයාල කැමතිනම් රස වෙනස් කරගන්න මැකරෝනි ටිකක් දාන්න....
බලන්නකො එහෙනම් හදලා... මන් තවත් රස කැමක් අරන් එන්නම්... ඔයාලා නොදන්නා කෑම වර්ගයක් තියනවනම් මට comment එකක් දාන්න... නැත්නම් කෝල් කරන්න....
075 5221675
Malith.
මේ ගෝවා කැරට් සුල්තානා මිශ්ර සලාදය.....
අව්ශ්ය ද්රව්ය....ගෝවා ග්රෑම් පලුව්ක්
කැරට් ගෙඩි 4 ක්
සුල්තානා 100g ක්
ලුණු ( රසයට )
ගම්මිරිස් ටිකක්
දෙහි ටිකක්
කපාගත් රතුලූනූ ටිකක්
කැමතිනම් මෙයෝනිස් සෝස්
සාදන ක්රමය....
ගෝවා සිහින්ව කපන්න.. කැරට් සිහින්ව කපන්න.. සුල්තානා එකතු කරන්න... ලුණු රසයට් මේ සියල්ල එකට මිශ්ර කරන්න.. කැමතිනම් මෙයෝනිස් සෝස් දමා මිශ්ර කර රතු ලූනු කෑලි උඩින් දමන්න..... එච්චර යි...
හදල බළලා මට comment එකක් දාන්න අමතක කරන්න එපා........
Sunday, August 11, 2013
කටට රසට ඉතාලි බතක් හදල බලමුද.......
අව්ශ්ය ද්රව්ය....සහල් (සම්බා බාස්මති ) 1kg ක්
මාළු මිරිස් කරල් 2 ක්
බිත්තර 2 ක්
සලාද තෙල් ටිකක්
සුදු ලුනු බික් 5 ක්
සොසේජස් හෝ ලිංගුස් 750g ක්
තක්කාලි පෙස්ට් කෝප්ප 2 ක්
ලුණූ රසට අනුව්
ස්ටොක් වතුර හෝ සුප් කැට
සාදන ක්රමය....
සහල් සෝදා දිය බේරෙන්නට හරින්න.. සොසේජස් අගලේ පමණ කැබලි වලට කපාගන්න.. මාළුමිරිස් ද රවුම් කපාගන්න... සුදුලුනු කුඩාවට කපාගන්න... සලාද තෙල් ටික රත්වන්නට තබා කපාගත් සුදුලුනු, මාළු මිරිස්, සොසේජස් දමා බැදෙන්නට හරින්න.. බැදීගෙන එන විට සහල්ද දමා බැද ගන්න.. දැන් තක්කාලි පේස්ට්, ස්ටොක් වතුර සහ ලුණු ද දමා මිශ්රකර ඇට මෘදු වන තුරු බත පිසගන්න... බැදගත් බිත්තර කැබලි වලින් බත සරසා ගන්න.....
Saturday, August 10, 2013
බිත්තර සලාදයක් හදල බලමුද.......
අව්ශ්ය ද්රව්ය....
බිත්තර 25 ක්
ලොකු ලුනු 250g ක්
අමුමිරිස් කරල් 4-5 ක්
තක්කාලි ගෙඩි 2-3 ක්
ගම්මිරිස් ටිකක්
රස අනුව ලුණු, දෙහි
මෙයෝනිස් සෝස් බෝතලයක්
( වෙළෙද පොලෙන් ගන්න. )
සාදන ක්රමය.....
පළමුව ලූනු, අමුමිරිස් , තක්කාලි කැබලි වලට කපන්න... එයට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු දමා මෙයෝනිස් සෝස් දමා මිශ්ර කරන්න.. තම්බා ගත් බිත්තර කැලි වලට කපන්න... දැන් ඒ මතට ලුනු මිශ්රණය දමන්න...
බිත්තර 25 ක්
ලොකු ලුනු 250g ක්
අමුමිරිස් කරල් 4-5 ක්
තක්කාලි ගෙඩි 2-3 ක්
ගම්මිරිස් ටිකක්
රස අනුව ලුණු, දෙහි
මෙයෝනිස් සෝස් බෝතලයක්
( වෙළෙද පොලෙන් ගන්න. )
සාදන ක්රමය.....
පළමුව ලූනු, අමුමිරිස් , තක්කාලි කැබලි වලට කපන්න... එයට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු දමා මෙයෝනිස් සෝස් දමා මිශ්ර කරන්න.. තම්බා ගත් බිත්තර කැලි වලට කපන්න... දැන් ඒ මතට ලුනු මිශ්රණය දමන්න...
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
අවශ්ය ද්රව්ය..... කුකුල් මස් 250 g ක් අන්නාසි ගෙඩි 2/1 ක් කැමතිනම් මැකරෝනි ටිකක් ලොකු ලූනු ගෙඩි 2ක් අමු මිරිස් කරල් 2-3 ක් දෙහි, ...
-
කූනිස්සන් බැදුම අවශ්ය ද්රව්ය..... කූනිස්සන් 300gක් ලොකු ලූනූ 250g ක් මාළු මිරිස් 100g ක් කෑලි මිරිස් 100g ක් රම්පේ, කරපිංචා ...
-
අවශ්ය දේවල්.... බැදපු සුදු හාල් පිටි කෝප්ප 1 ක් මදක් බැදගත් කුරක්කන් පිටි කෝප්ප 1 ක් ගාගත් පොල් කෝප්ප 1 ක් වතුර කෝප්ප 4/3 ක් ලුණු තේ...
-
අවශ්ය ද්රව්ය.... තෝසේ පිටි 200g ක් කඩල පරිප්පු 50g ක් මුං ඇට 50g ක් කඩල 50g ක් සි...
-
අව්ශ්ය ද්රව්ය.... දෙහි ගෙඩි 1 ක් නිවිති මිටි 2/1 ක් කහ ස්වල්පයක් අමුමිරිස් කරල් කිහිපයක්...
-
අව්ශ්ය ද්රව්ය.... ගෝවා ග්රෑම් පලුව්ක් කැරට් ගෙඩි 4 ක් සුල්තානා 100g ක් ලුණු ( රසයට ) ගම්මිරිස් ටිකක් ...
-
අවශ්ය ද්රව්ය.... අමු හතු පැකට් 6 ක් ලුනු 500g ක් අමු මිරිස් කරල් 4ක් මිරිස් කෑලි 100g ක් තක්කාලි ගෙඩි 3 ක් මාළු මිරිස් කරල් 3...
-
අවශ්ය ද්රව්ය.... අල 500g ක් තක්කාලි 50 g ක් මාළු මිරිස් 50g ක් ලීක්ස් 50g ක් ලොකු ලූනු 50g ක් ...
-
අවශ්ය ද්රව්ය.... අන්නාසි ගෙඩි 1ක් තක්කාලි ගෙඩි 2ක් අමුමිරිස් කරල් 2 ක් බී ලූනු ගෙඩි 2 ක් සුද...
-
අවශ්ය ද්රව්ය..... දෙල් අවශ්ය තරමට ලුණූ කුඩු මිරිස් කුඩු බැදීමට තෙල් සාදන ක්රමය.... දෙල් පොතු හැර සෝදා ඉතා සිහින් පෙති ලෙස කපා...




